ගාල්ල කරාපිටිය රෝහලේ පී.සී.ආර් සාම්පල් දහස් ගණනින් ගොඩගැසෙයි; දකුණු පළාතටම තියෙන්නේ කරාපිටියේ විතරයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් ගොඩගැසෙයි; සාම්පල් භාර ගැනීම නවති

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් ගොඩගැසෙයි; සාම්පල් භාර ගැනීම නවති

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන වෛරසවේදී රසායනාගාරයේ පී.සී.ආර්. සාම්පල් 5000ක් පමණ ගොඩගැසී තිබෙන බව රූහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. රසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ යන්ත‍්‍ර ඇත්තේ දෙකක් පමණක් වන අතර දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 1000ක් පමණ සිදු කිරිමර එතනට එවන බවයි කාර්යය මණ්ඩලය කියන්නේ. දකුණු පළාතේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන එකම රෝහල වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලයි. මෙම වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා පී.සී.ආර්. පරීක්ෂණවලින් දැනගත හැකි ආසාදිතයන් පිළිබඳව අනාවරණය කර ගැනීම කල්ගත වන බවයි සඳහන් වන්නේ.

වාර්තා වන පරිදි පවතින මෙම තදබදය මගහැරෙන තෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය වෙත පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් භාර ගැනීම තාවකාලිකව නතර කරලා. මේ පිළිබඳව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී.එච්.එස්. ජීවරත්න මහතා පවසන්නේ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් ගොඩගැසී තියෙන කතාව ඇත්තක් බවයි.

“මේ තදබදය මගහැරෙන තෙක් දැනට ලබා ගන්නා පී.සී.ආර්. සාම්පල් කොළඹ තියෙන රෝහල් දෙකක රසායනාගාර වලට යවනවා. තව දවස් දෙක තුනක් යනකොට මේ ගැටලුවට විසඳුමක් ලැබෙයි කියලා අපි හිතනවා. කරාපිටිය රෝහලේ රාසායනාගාරයේ පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය දිනකට 1500 දක්වා වැඩි කරන්න කටයුතු කරනවා.”යි ඔහු කියනවා.
-mawrata

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *