ලාංකිකයෙකුගෙන් නව දකුණු ආසියානු උස පැනීමේ වාර්තාවක්

0

උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.30 ක උසක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ එවැනි දක්ෂතාවයක් දැක්වු දකුණු ආසියාවේ පළමු ක්‍රීඩකයා වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට දිනා දීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ශ්‍රී ලාංකික උෂාන් තිවංක පෙරේරා සමත්ව තිබෙනවා.

දකුණු ආසියාවේ 2.29 ක උස පැනීමේ වාර්තාව මේ දක්වා හිමිකරගෙන සිටි ඉන්දියන් ජාතික තෙජාස්වින් ෂංකර් අභිබවා යමින් ශ්‍රී ලාංකික උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා එහි නව වාර්තාවට හිමිකම් කියනවා.

මෙම තරගයේ 06 වන පිම්මේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළ ඔහු ආරම්භක උස ලෙස මීටර් 2.11ක් යොදාගත්තා. උෂාන් මේ වන විට ඔලිම්පික් සුදුසුකම සැපිරීම අභියස සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකි. රාගම කරුණාරත්න බෞද්ධ පාසලේ සහ මීගමුව මාර්ස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන උෂාන්ට බටහිර ටෙක්සාස් ඒඇන්ඩ්එම් විශ්ව විද්‍යාලයේ ධාවන පථයේ පැවති 2021 එල්එස්සී එළිමහන් මළල ක්‍රීඩා ශූරතාවලියේ දී උස පැනීමේ ඉසව්වේදී මෙම වාර්තාව තැබීමට හැකියාව ලැබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com