IPL තරඟාවලියට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ශ්‍රී ලංකාව ට ?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ව සහ පුහුණුකරුවන් ව ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ රඳවා තැබීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලමින් සිටින බව වාර්තා වේ. එම සැලැස්ම ඔස්ට්‍රේලියානු සහ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාවට නැංවීමට නියමිත බව සඳහන් වේ. එවැනි තීරණයක් ගෙන ඇත්තේ මේ වනවිට “පසුගිය සති දෙක තුළ ඉන්දියාවේ සිටි කිසිවෙකුට ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කිරීමට” ඔස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර ඇති බැවිනි.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවන මයික් හසී ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔහු මේවන විට නව දිල්ලි නගරයේ සිය හෝටල් කාමරයේ ස්වයං නිරෝධායනයට ලක්වී තිබේ.

ඒ හේතුවෙන් ඔහුට අනෙක් ඔස්ට්‍රේලියානුවන මෙන් ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට යෑමට හැකියාව නොලැබෙතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *