කොරෝනා මදිවට මැලේරියාව: මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක්

0

මෙරට තුළ මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, මෙරට තුළ මැලේරියා ව්‍යාප්තියක් හෝ බෝවීමක් නොමැති වුව ද ලෝකයේ මැලේරියා බහුල රටවලින් මෙරටට පැමිණෙන පිරිස වැඩිවීම සහ රට තුළ මැලේරියා වාහක මදුරුවන් සිටීම හේතුවෙන් මෙරට තුළ මැලේරියා අවදානමක් පවතින බවය.

ලෝක මැලේරියා දිනය සෑම වසරක ම අප්‍රේල් 25 වන දා ට යෙදී ඇති අතර ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස වසර 9ක් සම්පූර්ණ කරමින් අප්‍රේල් 25 වන දින ලෝක මැලේරියා දිනය සමරයි.

2012 වසරේදී ශ්‍රී ලංකාවෙන් මැලේරියාව තුරන් කරනු ලැබූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ නිමිත්තෙන් සහතිකයක් නිකුත් කර 2016 වසරේදී එය ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com