පෝට්සිටි සටන උග්‍ර වෙයි: මෛත්‍රීගේ ශ්‍රීලනිපයත් විරුද්ධ වෙයි!
 
                රටේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
පෙරේදා (16) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය මහ ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව නීති විශාරදයින්ගේ මතය විමසා ඒ අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගන්නා බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
රටට ආයෝජන ගෙන ආ යුතු නමුත් රටේ නිදහස, ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පෙන්වාදෙයි.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        