නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාවට යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට

යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ නගරාධිපතිවරයා අත්අඩංගුවට

යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ නගරාධිපතිවරයා අත්අඩංගුවට

යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා (09) අලුයම අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යාපනය මහනගරාධිපති වරයා (09) උදෑසනම වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යාපනය පොලීසියේ සිට වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයට රැගෙන ඒමට කටයුතු යොදනු ලැබීය.

යාපනය නගර ආරක්ෂක බලකායක් ලෙසින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නිර්මාණය කොට ඔවුන් වෙනුවෙන් වෙනම නිලඇඳුමක්ද හඳුන්වා දී තිබූ අතර අදාල නිලඇඳුම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක් වූවේ එය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් සාමාජිකයින් විසින් පැළඳී නිලඇදුමට බෙහෙවින් සමාන වීම හේතුවෙනි.

මෙම බලකාය සමබන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් නොකිරීම පිළිබඳව (08) දිනම යාපනය මහනගරසභා කොමසාරිස් වරයා ඇතුලු එම බලකායේ සාමාජිකයින් පස් දෙනාද පොලීසියට ගෙනවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව (09) අලුයම යාපනය මහනගරාධිපතිවරයා මෙලෙස
අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති නව ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම සම්බන්ධයෙන් සහ එම ඒකකය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ් මහතා පවසයි.

යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා

අදාළ පොලිස් ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පවසා සිටියේ යාපනය නගරයේ ප්‍රධාන වීදි අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර සහ දඩ මුදලක්ද නියම කිරීමට සූදානමක් ඇති බවටත් එහිදී මාර්ගයේ බුලත් විට කෙල ගසන්නන්, විවිධ අයුරින් මාර්ගයන් අපවිත්‍ර කරන්නන් ,සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හා පොදු ස්ථානවල අනවසරයෙන් වාහන නැවත්වීම් වැනි කරුණු වෙනුවෙන් රුපියල් 1000 සිට රුපියල් 5000 ක් දක්වා දඩ මුදලක් නියම කිරීමේ සුදානමක් පවතින බවටය.

එමගින් යාපනය දිස්ත්‍රීක්කයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමත් නගරය පිරිසිදුව තබාගැනීමටද හැකිවන බවට යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවනන් මහතා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *