ඉතිහාසයේ පළමු වතාවට බුද්ධි අංශ කාර්යාලයක්, නාකොටික් කාර්යාලයක් වරාය තුළ පිහිටුවයි

ඉතිහාසයේ පළමු වතාවට බුද්ධි අංශ කාර්යාලයක්, නාකොටික් කාර්යාලයක් වරාය තුළ පිහිටුවයි

ඉතිහාසයේ පළමු වතාවට බුද්ධි අංශ කාර්යාලයක්, නාකොටික් කාර්යාලයක් වරාය තුළ පිහිටුවයි

“කිසිදු දිනක වරායේ නාකොටික් කාර්යාලයක් පිහිටුවා තිබුණේ නැහැ .මේ වනවිට නාකොටික් කාර්යාලයක් වරාය තුළ පිහිටුවා තිබෙන අතර එය ක්‍රියාත්මක වී මේ වන විට ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදු කර තිබෙනවා ඒ වගේම රේගු ආශ්‍රිතව සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් වරාය තුළ සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයක් ද ඉතිහාසයේ ප්‍රථම වතාවට වරාය තුළ ස්ථාපිත කළ තිබෙනවා. ඒ මගින් විශාල ලෙස සිදුවන අක්‍රමිකතා වංචා සහ හොරකම් නවත්වා දැමීමට හැකි වෙලා තිබෙනවා” යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

වරාය ආරක්ෂක අංශය ප්‍රතිසංවිධානය කළ බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එසේම කොරෝනා වසංගතය හමුවේ වුවද 2021 පළමු කාර්තුවේදී සාර්ථක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වූ බව ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *