(VIDEO) “20 ඕනි කිව්වා, 2/3 ඕනේ කිවුවා ඔක්කොම දුන්නා, අපි දැන් මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා” – ගැටඹේ හිමි කියයි

(VIDEO)19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. ආණ්ඩුව ගේන්න වැඩ කළාට අපිත් මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා: ගැටඹේ හිමි GLට කියයි
‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. බලය දුන්න ඇතිවෙන්න. ආයෙමත් දෙන්න දෙයක් නෑ. තුනෙන් දෙකක් ආයි ගන්න තියා හිතන්නවත් බෑ. කෝ දැන් කිසි වැඩක් වෙන්නෙ නෑනෙ. හැමෝම බලන්නෙ සාක්කු පුරවගන්න විතරයි. දැන් කියනවා කැලෑ කපන්නෙ නෑ කියලා. ඒ කියද්දිම ටීවී එකේ දානවා කැලෑ කපන හැටි. කිව්වා එක රටක් එක නීතියක් කියලා. දැන් එක රටක් බහු නීතියක්.’යයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ සඳහන් කරති.
අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය පිරිස් මහතා විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
‘දැං බලනකොට කිසි දෙයක් කරල නෑනේ. මිනිස්සුන්ගෙ අපිත් බැණුම් අහනවනේ’ යයිද උන් වහන්සේ තව දුරටත් පැවසූහ.