උයිගර් මුස්ලිම් අර්බුදය නිසා 2022 ඔලිම්පික් චීනෙන් ඉවතට?

උයිගර් මිනිස් ඝාතන සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරමින් 2022 ඔලිම්පික් චීනෙන් ඉවතට?

උයිගර් මිනිස් ඝාතන සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරමින් 2022 ඔලිම්පික් චීනෙන් ඉවතට?

චීනය එරට උයිගර් මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව කෙරෙන හිංසනය පිටු දැකීම සඳහා සමස්ත ලෝක කාන්තා ක්‍රියාකාරීන් මෙන්ම කාන්තා සංවිධානද ඒකරාශි විය යුතු බවට ජගත් කාන්තා දිනය නිමිත්තෙන් පසුගියදා ඇමරිකාවේ වොෂිංටන් නගරයේ පැවති කාන්තා දින සමුළුවට සහභාගි වූ කාන්තා ක්‍රියාකාරීහු ඉල්ලා සිටියහ.

චීනයේ සිංජිඈං කලාපයේ කාන්තාවන් පිරිසක් සමග පවත්වා ඇති සම්මුඛ සාකච්ඡාවක තොරතුරු දක්වන බි්‍රතාන්‍ය මාධ්‍ය වාර්තාකර ඇත්තේ එම පළාතේ කාන්තාවන් ලිංගික හිංසනයට පත් කෙරෙන අතරම එම ප්‍රජාව මර්දනය කිරීම සඳහාම බලධාරීන් නීතිරීති පනවන බවයි.

තම ප්‍රජාවේ කාන්තා පක්‍ෂයට (උයිගර් කාන්තාවන්ට) චීන ජතිකයන් සමග විවාහවීමට බල කරන බව චීනයෙන් විදේශ ගතව වෙසෙන උයිගර් කාන්තා ක්‍රියාකාරීන් පිරිසක් විසින් නිකුත් කරන ලද ලිපියක සඳහන් කර තිබේ.

උයිගර් මව්වරුන්ගෙන් බලහත්කාරයෙන් වෙන්කරනු ලබන දරුවන් චීන රජයෙන් පවත්වා ගෙන යන අනාථ කඳවුරුවලට ගාල් කරන බවද කසාක් කඳවුරේ මිහ්රිගල් තුර්සුන් සහ තුර්සුනේ සියාවුදුන් උයිගර් කඳවුරේ ක්වෙල් බිනර් සිද්දික්’සාසු උස්බෙක් කඳවුරේ සේරාගල් සවුත්බේ ඇතුළු පිරිසක් විසින් එම ලිපිය අත්සන් කරනු ලැබ ඇත.

චීන රජයේ ද්විත්ව ඥාතිත්ව වැඩසටහන යටතේ උසිගන්වනු ලබන කොමියුනිස්ට් පක්‍ෂයේ ක්‍රියාකාරීන් උයිගර් ප්‍රජාවේ නිවාස (පවුල්) අධීක්‍ෂණයට යැවේ. එම පවුල්වල ගෘහ මූලිකයන් සියල්ලන්ම පාහේ මේ වන විට වෙසෙන්නේ බන්ධනාගාරවල හෝ රැඳවුම් කඳවුරුවල හෝ බැවින් ඒ ප්‍රදේශවල සමස්ත ස්ත්‍රී වර්ගයාම ලිංගික අතවරයට පත්වේය යන්න එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

මේ අන්දමින් නැගෙනහිර තුර්කිස්තානයේ කඳවුරේදී දරුණු අන්දමින් ලිංගික වධහිංසාවලට පත් උයිගර් කාන්තාවන් පිරිසක් තමන්ට විඳින්නට සිදු වූ ලිංගික අතවර සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් එම ලිපියේ ඇතුළත් කර ඇත.
මේ අනාවරණය කිරීම සම්බන්ධයෙන් චීන රජය දක්වා ඇති ප්‍රතිචාරය නම් එම කරුණු අනාවරණය කළ කාන්තාවන් කෙරෙහි දැඩි පීඩනයක් එල්ලකරමින් තව තවත් හිංසනයට පත් කිරීමය.

කඳවුරුවල වෙසෙන රැඳවියන් සම්බන්ධ දත්ත සැපයීමට මේ අතරතුරේ චීනය කටයුතු කරන සෙයක් පෙනේ. කඳවුරුවල ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධව ලෝකයෙන් එල්ලවන සියලුම චෝදනා චීනය ප්‍රතික්‍ෂේප කරයි. බාහිර ලෝකය චීන කඳවුරු නමින් හඳුන්වන ස්ථාන චීනය විසින් හඳුන්වනු ලබන්නේ රැඳවියන් උපාධිධාරීන් බවට පත් කරවන අධ්‍යාපනික සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන නමිනි.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව උයිගර් ප්‍රජාව දස ලක්‍ෂයක් (10,00,000) පමණ වේ. චීනය මේ පිරිස් කඳවුරු ගත කෙරෙන්නේ ත්‍රස්ත මර්දන ව්‍යාපාරය යටතේය.

මේ කඳවුරුවල කෙරෙන කටයුතු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්‍ෂණයක් කිරීමට අවස්ථාවක් දීම චීනය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලබයි. රාජ්‍ය නියෝජිතයන්ට සහ ජනමා්‍යවේදීන්ට ප්‍රදේශය සපුරා තහනම්ය. ආරක්‍ෂාව තර කිරීමට මුර කුළුනුද යොදා ඇත්තේය.

ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් චීනයේ කෙරෙන උයිගර් මිනිස් ඝාතන සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කර තිබේ. කැනඩාවද නෙදර්ලන්තයද ඇමරිකාව අනුගමනය කරයි.

චීන කපු සහ කපු පිළි මෙන්ම තක්කාලි ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති සම්බාධකයට මුහුණ දීමට මේ වන විට චීනයට සිදුවී තිබේ.

චීනයේදී දෙදහස විසි දෙකේදී (2022) පැවැත්වීමට නියමිත ඔලිම්පික් උත්සවය එරටදී නොපැවැත්වීමේ තීරණයකට එළැඹීමට බටහිර රාජ්‍ය සංවිධානය වෙමින් සිටින බවද පැවසේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *