ඉන්දීය ජාතිකයෙක් කුලියාපිටිය බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

0
බීමත් ඉන්දීය ජාතිකයා කුලියාපිටිය බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

බීමත් ඉන්දීය ජාතිකයා කුලියාපිටිය බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වන නුගබෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩා දමා ඇතැයි ගම්වාසීන් (18)දින කළ දැනුම්දීම අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඉන්දීය ජාතික සැකකරුගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කළේ ස්වාමියා නිවසට පැමිණ නිදි නොමැතිව, අලුයම 2 වන තුරු සිට දුම්වැටියක් දල්වාගැනීමට ගිනිපෙට්ටියක් ඉල්ලූ බවයි. තමන් එය ප්‍රතික්‍ෂේප කළ නිසා ගිනිපෙට්ටියක් සොයා නිවස අසල ඇති එම ස්ථානයට යන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම අවස්ථාවේ තවත් දෙදෙනෙකු සිට ඇති බවට තමන්ට තොරතුරු ලැබුණු බවත් ඇය කීය. සිය ස්වාමියා වීසා ලබා මෙරට වාසය කරන අයෙක් බව පැවසීය.

කෙසේවෙතත් එම ස්ථානයට වහා පැමිණි කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා රැස්ව සිටි ප්‍රකෝපකාරී වූ ජනතාව ප්‍රකාශ කළේ සන්සුන්ව කටයුතු කරන ලෙසයි. එමෙන්ම පොලිසිය මෙම සිදුවීම කිසිසේත් සුලුකොට නොතකමින් විධිමත් පරීක්‍ෂණ සියල්ලම කඩිනමින් සිදුකරන බවත් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හා ඔහුගේ ජංගම දුරකථන අදිය පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන බවත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com