රංජන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග 24 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය (18) තීන්දු කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීමේ දිනය එදින දෙපාර්ශවයට දැනුම් දෙන බවද අභියාචනාධිකරණය නිවේදනය කළේය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *