ඇමැති චන්න ජයසුමනගේ වැඩකට විරෝධය පා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වීමේ ලීපිය ඉදිරිපත් කරයි - ඇමැති ජයසුමනගේ වැඩකට විරෝධය
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලීපිය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු ඉවත් කිරීමට ගත් උත්සාහයත් සමග මහාචාර්යවරයා මෙසේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව දැනගන්නට ඇත.
මහාචාර්ය සිල්වාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඉකුත් සඳුදා (15) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු මෙන්ම ජාතික බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ (අයිඩීඑච්) ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන ආනන්ද විජේවික්‍රම මහතා එම තනතුරට නිර්දේශ කොට ඇති බව දැනගන්නට තිබේ.