වනාන්තරවල් හෙළිපෙහෙළි කිරීම, ගස් කැපීම් දිගටම : “මීට කලිනුත් රක්ශිතවල පාසල්, ගෙවල් හදලා තියෙනවා” – ජනාධිපති

වනාන්තරවල් හෙළිපෙහෙළි කිරීම, ගස් කැපීම් දිගටම : "මීට කලිනුත් රක්ශිතවල පාසල්, ගෙවල් හදලා තියෙනවා" - ජනාධිපති

වනාන්තරවල් හෙළිපෙහෙළි කිරීම, ගස් කැපීම් දිගටම : "මීට කලිනුත් රක්ශිතවල පාසල්, ගෙවල් හදලා තියෙනවා" - ජනාධිපති

ලාහුගල කැලෙත් අක්කර 60ක් පමණ එළිකරයි

අම්පාර ලාහුගල ප්‍රදේශයේ විශාල වන විනාශයක් සිදු වන බවත් මේ වනවිට අක්කර 60ක් පමණ එළිකර ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
කරංකෝව, සෙංගමුව,ආමවට්ටුවාන්, උරුතුමලේ යන ප්‍රදේශවල වනාන්තර ඉතා සංවිධානාත්මකව යාන්ත්‍රික කියත් උපයෝගි කොට එළිපෙහෙළි කර ඇත.

ලාහුගල වන සංරක්ෂණ කලාපයට අයත් වනාන්තරවල අක්කර 2000ක පමණ වපසරියක් ඇති බවත් එම වනාන්තරවල තැනින් තැන හෙළිපෙහෙළි කර ගවගාල් පවත්වාගෙන යන බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.

හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් පැරණි කුඹුක් ගස් කපා ඉවතට

කතරගම පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් පුදබිම සහ මැණික් ගඟ දෙපස පිහිටි වසර 200ක් පමණ පැරණි කුඹුක් ගස් කපා ඉවත් කිරීම හේතුවෙන් එහි පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට දුෂ්කරතාවයට පත්ව සිටිති. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉන් ප්‍රදේශයේ පවතින ජල මූලාශ්‍රවලට ද බලපෑමක් ඇති වියහැකි බවය.

පූජාභූමිය අවට ඇති විශාල කුඹුක් ගස් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සෙවණක් සලසමින් තිබුණි. කාලයත් සමග වැඩුණු මේ කුඹුක් ගස් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර ද පිරිසිදු කරමින් ඉටු කරන්නේ මිල කළ නොහැකි සේවයකි.

නමුත් මීට දින කිහිපයකට පෙර කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම කපා දමා තිබුණි.
එලෙස කපා ඉවත්කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික් ගඟද අද වනවිට අපවිත්‍ර වී පවතී. පුදබිමට සෙවණක් වූ මේ රූස්ස ගස් කපා ඉවත් කිරීම නිසා එහි පැමිණෙන බැතිමතුන් සහ වෙළෙඳ ප්‍රජාවද අද වනවිට දැඩි අපහසුතාවයට පත්ව සිටි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය

නමුත් මෙයට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය මෙසේ විය :

‘අක්කර දහස් ගණන් කැළෑ කපනකල් නිලධාරීන් මොනවද කරන්නේ? පළමුවෙනි ගහ කපනකොට අපි මේවා අල්ලන ඕන.’ යනුවෙන් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා පවසයි.

(13) ගාල්ල ගල්ගොඩ ප්‍රදේශයේ දී පැවති ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේදී ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ‘මේ ගමෙත් මේ ප්‍රදේශයත් රක්ෂිත ප්‍රදේශයක් මේ බලන්න පාසල් තියෙනවා. ගෙවල් හදලා තියෙනවා. මේකත් වන රක්ෂිත ප්‍රදේශයක්. මේවා තමයි අපි ඉක්මනින් විසඳන්න ඕන. පහුගිය දවසක පරණ ගස් කොටයක පෝස්ටරයක් දාලා ඔබට පිිං කියලා මට එවලා තියෙනවා. අපි පරිසරය විනාශ කරනවාලු. අඩු තරමේ අලුතින් කපපු ගස් කොටයක් එවන්න එපාය.’යනුවෙන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *