නෝර්වේ ආණ්ඩුව ලංකාවේ බැංකුවක් සල්ලිවලට ගනී: NDB බැංකුව සද්ද නැතිවම කොටස් විකුණලා

නෝර්වේ ලංකාවේ බැංකුවක් සල්ලිවලට ගනී: NDB බැංකුව සද්ද නැතිවම කොටස් විකුණලා

නෝර්වේ ලංකාවේ බැංකුවක් සල්ලිවලට ගනී: NDB බැංකුව සද්ද නැතිවම කොටස් විකුණලා

මෙරට බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුව (N.D.B ) නෝර්වේ සංවර්ධන බැංකුවේ මූල්‍ය අංශය වන නෝර්ෆන්ඩ් (Norfund) සමග ආයෝජන ගිවිසුමක් පසු ගිය දා අත්සන් කෙළේය.

නෝර්ෆන්ඩ් යනු නෝර්වේ විදේශ අමාත්‍යංශය මගින් පාලනය වන ඔස්ලෝ නුවර සිට ක්‍රියාත්මක ආයතනයකි.

එය නෝර්වේ බැංකුව (නෝර්ෆන්ඩ්) මෙරට (ශ්‍රී ලංකාවේ කෙරෙන මංගල (ප්‍රථම) ආයෝජනය මෙන්ම එම බැංකුව මේ වර්ෂයේ දී (2021) ආසියාවේ කෙරෙන මුල්ම(පළමු) ආයෝජනය සේ ම ජාතික සංවර්ධන බැංකුව විදේශීය මූල්‍ය ආයතනයක් සමග සම්බන්ධ වී එළඹි පළමු ගිවිසුමද වන්නේය.

මෙම කාර්යභාරයේ දී සංඛේතාත්මක ගිවිසුමට නෝර්වේජියානු තානාපති ට්‍රයින් ජොරාන්ලි එස්කෙඩාල් (Trine Joranli Eskedal ) සහ ජාතික සංවර්ධන බැංකුවේ සභාපති වන ඒෂණ ද සිල්වා යන දෙදෙනා අත්සන් තැබූහ.

නෝර්ෆන්ඩ් ආයතනය ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ව්‍යාපෘති එකසිය හැටතුනක (163) ඇමරිකානු ඩොලර් බිිලියන දෙකයි දශම අටක් (2.8) ආයෝජනය කර ඇති බව ද වාර්තා වේ.

– MR

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *