විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට මියන්මාර් වැසියන්ගේ දැඩි විරෝධය

ඇමති දිනේෂ් මියන්මාර් හමුදා රජයේ විදේශ ඇමතිට ලිපියක් යැවීම ගැන මියන්මාර් වැසියන්ගේ දැඩි විරෝධය

ඇමති දිනේෂ් මියන්මාර් හමුදා රජයේ විදේශ ඇමතිට ලිපියක් යැවීම ගැන මියන්මාර් වැසියන්ගේ දැඩි විරෝධය

හමුදා කුමන්ත්‍රණයක් හරහා බලය අල්ලා ගත් මියන්මාර් හමුදා ජුන්ටාවේ විදේශ කටයුතු අමාත්‍ය වුන්නා මාවුං ල්වින් මහතාට BIMSTEC සමුළුවට සහභාගි වන ලෙසට ආරාධනා කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යැවූ ලිපියක් නිසා දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

මියන්මාරයේ වැසියන් බොහෝ දෙනෙකු ට්විටර් ඔස්සේ අදහස් පළ කරමින් පවසා ඇත්තේ, මෙම ආරාධනාව හරහා ශ්‍රී ලංකා රජය වක්‍ර ලෙස මියන්මාරයේ හමුදා පාලනය පිළිගෙන ඇති බවය.

If BIMSTEC countries are not gonna be helpful to the people of Myanmar, at least kick out terrorist junta from your meetings while we settle our own affairs. @MFA_SriLanka @PMBhutan @FMBhutan pic.twitter.com/pkDAr77hfu
— Civil Disobedience Movement (@cvdom2021) March 10, 2021

We, #Myanmar People, strongly condemn #Srilanka for their invitation letter to Military Coup.#ProtestBIMSTEC#ProtestSriLanka#WhatIsHappeningInMyanmar
— Thein Myint (@STTheinMyint) March 10, 2021

We, the people of #Myanmar strongly condemn #SriLanka for the invitation of Wunna Maung Lwin, the illegal minister of junta to attend #BIMSTEC meeting. Your ignorance to our cause is an insult to us. Against to the wishes of Myanmar people is a total disgrace! pic.twitter.com/bVKEE4PkW5
— Nai Moe Myint (@895B_Thomason) March 10, 2021

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මව්බිම වෙබ් අඩවිය කළ විමසීමකදී අදහස් පළ කළේය.

ඔහු ප්‍රකාශ කළේ, BIMSTEC සම්මේලනයේ සභාපතිත්වය ශ්‍රී ලංකාව දරන බැවින් සම්ප්‍රදායානුකූලව මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාට ද ඔන්ලයින් ඔස්සේ පැවැත්වෙන සමුළුවට සහභාගි වන ලෙස ආරාධනා කළ බවය.

ඉන් මියන්මාරයේ නව පාලනය ශ්‍රී ලංකා රජය විසින් පිළිගනු ලබන බවක් අර්ථ ගැන්වෙන්නේ නැතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නලින් ද සිල්වා මහතා තවමත් එරට රැඳී සිටින බවත් ඔහු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, මෙම ලිපිය හරහා මියන්මාර හමුදා ජුන්ටාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනීමක් සිදු වන්නේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතාගේ අදහස් විමසීමු.

ඔහු ප්‍රකාශ කළේ, “මෙම ලිපිය හරහා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවන,” බවය.

“මේ ලියුම නමක් සඳහන් නොකර තනතුරට යැව්වා නම් මෙහෙම තත්ත්වයක් උද්ගත වෙන්නෙ නෑ. ඒත් මේ ලිපිය අලුත් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නමින් යවා තිබීම නිසයි මේ ගැටලුව මතු වුණේ. රජයක් විදිහට මේ ආරාධනාව යවනකොට නම සඳහන් නොකර යවන්න තිබුණා,” නාලක ගුණවර්ධන මහතා පැවසීය.

මියන්මාර් ජනතාව‌ට සහය දක්වන විරෝධතාවක්

මේ අතර, මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර් ජනතාව‌ට සහය දක්වන්නන්ගේ සංගමය (10) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මෙම විරෝධතාව පැවැත්වුණේ, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිටදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *