ලාංකික VIPවරයකුගේ අන්තර්ජාතික ගුවන් සමාගමකට බලපෑම්

සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද? නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? - නාමල්

සැබෑ ප්‍රශ්නයට විසදුම් සොයනවා ද? නැතිනම් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව හැසිරෙමින් සැබෑ ප්‍රශ්නය මඟ හරිමින් සිටිනවා ද? - නාමල්

සාමාන්‍යයෙන් ගුවන් ගමනකට පැහැ දෙකකට කලින් සහ අන්තර්ජාතික ගුවන් ගමනකට බැහැ තුනකට කලින් ගුවන් තොටුපලට පැමිණිය යුතු බව අන්තර්ජාතික මගපෙන්වීමක් ඇත. සාමාන්‍යයෙන් එතරම් කාලයක් ගත නොවූවද, ගුවන්තොටුපල සෝදිසි කිරීම් මෙහෙයුම්වලදී ප්‍රමාද වීම් සිදුවිය හැකි නිසා මෙම මගපෙන්වීම ක්‍රියාත්මක වේ. ගමන් ලියකියවිලිවල අසාමාන්‍ය වෙනසක් ඇත්නම් ඊටත් වඩා වේලාසනින් පැමිණිය යුතු බව ද මගපෙන්වීම් කියයි. ලංකාවේ ද අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා පැය තුනකට පෙර පැමිණිය යුතු බව මගපෙන්වීමක් ඇත. නමුත් දකුණු ආසියාවටම උරුමවූ VIP පිස්සුව නිසා සමහර දේශපාලකයින් ගුවන් ගමනට විනාඩි ගණනකට පෙර ගුවන්තොටුපලට යාම හා තමන්ව ප්‍රමුඛතා ලයිස්තුවක් අනුව සැලකිය යුතු බවට ිතා ක්‍රියා කිරීම සාමාන්‍යයෙන් නිතරම සිදුවේ. මෙයින් ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයට අනවශ්‍ය පීඩාවක් එල්ලවේ. එහෙත් අන්තර්ජාතික ගුවන් සමාගම් වලට බලපෑමක් එල්ල කරන අවස්ථා විරලය.

නමුත් (මාර්තු 7 වන ඉරුදින) ගුවන් තොටුපළට අමාත්‍යවරයෙකු පැමිණියේ ගුවන් යානය පිටත්වීමට විනාඩි කීපයක් තබා ය. නමුත් ඔහුට තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කලායැයි අධිකරණය දැනුම් දී රජයේ වැඩ කරන දවස් දෙකක් වත් සම්පූර්ණයෙන් ගෙවී නොතිබුණි. මෙම නිසා ඇති වූ ප්‍රමාදය නිසා අන්තර්ජාතික ගුවන් සමාගමකට පීඩනයක් එල්ල කොට යානය ගුවන් ගත වීම ප්‍රමාද කර ඇත. මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවන්නේ නම් ලංකාවේ ප්‍රතිරූපයට සිදු වන්නේ කුමක්ද. දේශපාලකයින් කරන අමනෝඥ ක්‍රියාවන් නිසා පීඩාවට පත්වන්නේ සාමාන්‍ය පුද්ගලයින් ය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත (07) උදෑසන පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග අද උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ. ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.

ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා (07) විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.

පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *