පෞද්ගලික සාකච්ජාවක් මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන් කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ බලධාරීන් විමතියට

පෞද්ගලික සාකච්ජාවක් මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන් කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ බලධාරීන් විමතියට

පෞද්ගලික සාකච්ජාවක් මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන් කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ බලධාරීන් විමතියට

ශ්‍රී ලංකාවේ පිහිටි කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ පැවැති පෞද්ගලික සාකච්ජාවක් මාධ්‍යයට නිකුත් වීම සම්බන්ධයෙන් එහි බලධාරීන් විමතියට පත්ව සිටින බව වාර්තා වේ.

පසුගිය සතියේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ විදෙස් තානාපතිවරුන් කිහිප දෙනකු හමුවී සාකච්ජා පවත්වා ඇති අතර එය මාධ්‍යයට ආවරණය කිරීමට අවස්ථාව සලසා තිබී නැත.

නමුත් අදාළ හමුවීම් මාධ්‍යයේ පළවීමත් සමග ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති ඩේවිඩ් මැකිනොන් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් තමන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින්නේද යන්න සම්බන්ධයෙන් විමසීමක් කොට ඇත.

පසුගිය සතියේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේදී බංග්ලාදේශ මහකොමසාරිස්වරයා හා කැනඩා මහකොමසාරිස්වරයා අතර සාකච්ජාවක් පැවැත්වී ඇත.

මීට අමතරව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය හා දකුණු කොරියානු තානාපතිවරයා අතරද සාකච්ජාවක් කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ පැවැත්වී තිබේ.

මේ සියලු රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නියෝජනය කරන ජන්දය හිමි රටවල්ය.

ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබද ජන්ද විමසීම මාර්ත 22දා පැවැත්වීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *