“සාරා ජස්මින්” ජීවතුන් අතර සිටිනවා ද? පළා ගොස් ද? යන්න මේ වන තෙක් අනාවරණය වී නැ – සරත් වීරසේකර

පාස්කු වාර්තාව, විමර්ශනවලට අදාළ අමතර කරුණක් විතරයි; "සාරා ජස්මින්" ජීවතුන් අතර සිටිනවා ද? පළා ගොස් ද? යන්න මේ වන තෙක් අනාවරණය වී නැ - සරත් වීරසේකර

පාස්කු වාර්තාව, විමර්ශනවලට අදාළ අමතර කරුණක් විතරයි; "සාරා ජස්මින්" ජීවතුන් අතර සිටිනවා ද? පළා ගොස් ද? යන්න මේ වන තෙක් අනාවරණය වී නැ - සරත් වීරසේකර

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සහ එහි වාර්තාව ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ශනවලට අදාළ අමතර කරුණක් පමණක් බවත් විමර්ශනවලදී එය ප්‍රයෝජනයට ගන්නවා ද නැද්ද? යන්න තීරණය කිරීමට නීතිපතිවරයාට හැකියාව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා පවසයි.

(05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ ය.

එමෙන් ම, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට විරුද්ධව නඩු පැවරීම සඳහා අවශ්‍ය වන සාක්ෂි සටහන් සියල්ල ම පාහේ මේ වන විට නීතිපතිවරයාට භාර දී තිබෙන බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංවේදී කරුණු ඇතුළත් සටහන් ආරක්ෂක අමාත්‍යංශය භාරයේ තබා ගැනීමට හැකි බවත් ඔහු සඳහන් කළේ ය.

මේ අතර, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් ආච්චි මුහම්මදු මුහම්මදු හස්තුන්ගේ බිරිඳ වූ පුලස්තිනි රාජේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින්’ පිළිබඳව සිදුවන විමර්ශන පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ, ඇය සැබැවින් ම ජීවතුන් අතර සිටිනවා ද නැතහොත් ඉන්දියාවට පළා ගොස් තිබේ ද? යන්න පිළිබඳව මේ වන තෙක් අනාවරණය වී නොමැති බවය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වන විමර්ශන ඉදිරියටත් සිදු කරගෙන යන බව අමාත්‍යවරයා පැවැසුවේ ය.

“පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර අටක් පමණ සිදු වුණා. ඒ සිදුවීම් අට සම්බන්ධයෙන් වන සියලු ම වාර්තා මේ වන විට නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා. බෝම්බ ප්‍රහාරයට සෘජුව ම සම්බන්ධ සැකකරුවන් 32ක් සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයාට කරුණු වාර්තා කරලා තියෙනවා,” යැයි ඔහු සඳහන් කළේ ය.

එලෙස යොමු කරන ලද වාර්තාවල යම් යම් අඩුපාඩු නීතිපතිවරයා පෙන්වා දුන් බවත් ඒ අනුව, එවැනි අඩුපාඩු නිවැරදි කර නැවතත් එම වාර්තා ඔහු වෙත යොමු කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසීය. ඊට අමතරව පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 241ක් පමණ රැඳවුම් නියෝග මත සහ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් ඔහු පැවසීය.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට අමතරව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සහ මාවනැල්ල ප්‍රදේශයේදී බුදු පිළිම කිහිපයකට අලාභාහානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වන වාර්තා ද මේ වන විට නීතිපතිවරයාට යොමු කර ඇති බව වීරසේකර මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව දීර්ඝ වශයෙන් අධ්‍යනය කරමින් සිටින බවත් මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හල සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ශාෆ් අහමඩ් යන බෝම්බකරුවන්ගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් ගෙන් ද මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවත් ඔහු පැවසුවේ ය.

ඊට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ අදාළ තඹ කම්හල අතර තිබූ සම්බන්ධතාව පිළිබඳව ද මේ වන විට විමර්ශන සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම, සමහර රස පරීක්ෂක වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බැවින් යම් යම් ප්‍රමාදයන් සිදුවී ඇති බවත් ඔහු පැවසුවේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *