පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීට එරහිව නඩු පවරන්න බාධාවක් නෑ – මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීට එරහිව නඩු පවරන්න බාධාවක් නෑ - මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
ඔහුට මුක්තිය ඉල්ලා සිටීමේ බාධාවක් නොමැති සේම ඔහුට නඩු පැවරීමේ නොහැකියාවක්ද නොමැති බව මහානාමහේවා මහතා පෙන්වාදෙයි.
”ජනාධිපතිවරයා ලෙස කළ නොකර හැරීමක් හෝ ඔහු විසින් කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් මුක්තිය ඉල්ලා සිටින්න පුළුවන්. ඔහුට විරුද්ධව නඩු පැවරුවොත් ඔහුගේ නීතිඥයින් විසින් ඔහුට මුක්තියක් තියෙනවා කියලා ඔහුගෙන් විත්තිවාචකයක් ගෙන එයි. නමුත් අපි දන්නවා වෝටර්ස් එජ්වගේ නඩු තියෙනකොට ධුරයෙන් ගියත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත නඩු පැවරුවා. වන්දි ගෙවන්නත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ ඉහළින්ම තියෙන්නේ මහජන භාරය. මහජන භාරය කියන එක ව්‍යවස්ථාවට යටපත් කරන්න බැහැ කියල.” යනුවෙන් ඔහු සඳහන් කරයි.