අන්තවාදයක අවසානය – වික්ටර් අයිවන්
මහාවංසය ගැන දීරග විවරනයක් ලියන මහාචාරනී. සිරිමා කිරිබමුණ් එම වන්ස කතාව හදුන්වා තිබෙන්නේ ” පුරාතන සින්හලයින් ගේ.ඓතිහාසික චින්තනයේ අග්‍ර පලය” වශ්‍යෙනි.මහාචාරිනිය එසේ කියා තිබුනද මහාවංසය සිහල වරගයාගේ ඉතිහාසය ලිවීමේ අරමුනින් ලියන ලද ඉතිහාස පොතක් ලෙස සැල කිය නොහැකිය.එය ලන්කාවේ ඓතරවාදි බුද්දාගමේ ඉතිහාසය අලලා ලියන ලද්දකි.එහිදී මහාවංස කතුවරයා ඓතරවාදි බුද්දාගමේ කතාව ලියා තිබෙන්නේ සිහල වරගයා හා බුද්දාගම වෙන්කල නොහැකි ලෙස එකට ගැට ගැසුනු දෙයක් ලෙසය.
වඩා හොද හා නිර්බීත ඉතිහාඥයෙකු ලෙස සැලකි හැකි අමරදාස ලියන ගමගේ පෙන්වාදී තිබෙන අකාරයට තමා පිරිනිවන් පෑ පසු. තමාගේ දර්මය අවසාන වශයෙන් සුරක්ෂිත වී පවතින්නේ ශ්‍රී ලනකාවේ යැයි බුදුන් වහන්සේ ( දිවැසින් ) දුටු බව මහාවංසයේ සදහන්වේ.බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනෙහිම ලාල රටේ සින්හ පුරේ සිට බුදුන් වහන්සේගේ කුලය වූ ශාක්‍ය කුලයට අයත් විජය කුමරු ඇතුලු හත්සීයක් වූ පිරිස. බුදුන්ගේ පූරන ආශිර්වාදය ඇතිව නික්ම විත් ලන්කා දීවීපයේ පිහිටි තම්බපණ්ණි නැමැති ස්තානයට ගොඩ බැස්සේය.ශ්‍රී ලනකාවට එන නව පදින්චිකරුවන් ආරක්ෂා කිරීමේ කාරිය බුදුන් වහන් සේ ශක්‍ර දෙවියාට බාර කරන ලදී. මහාවංස කතුවරයා ඒ ආකාරයෙන් සින්හල වරගයා හා බුද්දාගම යන දෙක අතර කරන ගැට ගැසිල්ල සත්‍ය ගරුක නොවනවා සේම එය සින්හල වරගයා ගේ හෝ බුද්දාගමේ යයපතට හේතුවන දෙයක් වන්නේද නැත.
පූරව නූතන යුගයේදී මහාවංසය පැවතියේ පාළි බාෂාවෙන් ලියවුන පුස්කොල පොතක් වශයෙනි.ඒ නිසා එය එම යුගයේ ජනතාව කෙරෙහි ලොකු බල. පෑමක් ඇති කල. පොතක් ලෙස සැලකිය නොහැකිය.මහාවන්සය ලන්කාවේ සින්හල බවුද්දයින්ගේ මනස කෙරෙහි බලපාන පොතක් බවට පත් වන්නේ. එය බ්‍රිතාන්‍ය පාලන කාලයේදී. ඔවුන්ගේ ඉතිහාස වියාපෘතිය ක් ලෙස සිහල බාෂාවට පරිවරතනය වී පොතක් වශයෙන් පලවීමෙන් පසුවය.
අනගාරික දර්මපාල
පූරව නූතන යුගයේදී. කුලය මිස වරගය හෝ ආගම. ගැටුමැතිකරන බෙදුම් රේකාවක්නොවීය.වරගය හා ආගම ලන්කාවේ මිනිසුන් අතර ගැටුම් ඇතිකරන බෙදුම් රේකාවක් බවට පත්වන්නේ නූතන යුගයේදීය.බ්‍රයිස් රයන් කියා තිබෙන ආකාරයට දහනව වැනි සියවසේ අවසානයේ සිට 1925 පමන දක්වා ලන්කාවේ ඉතාම කටුක ගැටුම් පැන නැගුනේ ජන වර්ග අතර නොව කුල අතරය.මහාවන්සයේ එන සින්හල වරගයා හා බුද්දාගම අතර තිබුනේයයි කියන අන්තර් සම්බන්දය ප්‍රයෝජනයට ගනිමින් සින්හල බවුද්දයින් සදහා නූතන යුගය ආරම්බයේදී සටන්කාමි වරග වාදයක් සදහා සරල නියාය දර්මයක් ගොඩනගන ච්න්තකයා ලෙස ක්‍රියා කරන්නේ අනගාරික දරමපාලය.ලන්කාව නූතන යුගයකට මාරුවීමෙන් පසුව ගොඩනැගෙන ආරම්බක් සින්හල බොදු නායකයින් අතර සින්හල බොදු ජනයා අතර .වැඩිම පිලි ගැනීමක් හිමිකරගෙන සිටි නායකයා අනගාරික දර්මපාලය.කුමාරි ජයවරදන නිවර්දි ලෙස කියා තිබෙන ආකාරයට “බයින් හැකිලෙමින් නිවට ලෙස බඩ ගෑමෙහි යෙදුනු යටහත් පහත් ලාන්කීකයින් සමූහයක් මැද්දේ තම හිස කෙලින් ඔසවාගෙන ගමන් ගත් එකම වනශවත් තැනැත්තා” ඔහු විය.
ලනාකාවේ ජීවත් වන සින්හල බොදු නොවන අන් සියලු දෙනා පරයන් ලෙස සලන ප්‍රතිපත්තියක් වෙනුවෙන් හා ලන්කාවට හිමිකම් කීමට අයිතියක් තිබෙන්නේ සින්හල බොදු අයට පමනක් කියන අදහස් වෙනුවෙන් ඉතා බලවත් ලෙස පෙනී සිටි ප්‍රකාෂකයා දර්මපාලය.සිහල ජාතියේ හා බුද්දාගමේ පිරිහීම කෙරෙහි ඔහු ලන්කාව අල්ලා ගත් යුරෝපීන් ක්‍රෙහි පමනක් නොව සුලු ජාතින් කෙරෙහිද වරද පටවන ලදී.ඔහු හරක් මස් ( ඔහු හරක් මස් හැදින්වූයේ ගෙරි මස් වශයෙනි) කන්නන් හැදින් වූයේ ” වසලයින්” ලෙසය.
දර්මපාල සින්හල බොදු ජනයා අතර පතල කරන ලද එම ස්ටන්කාමි වරග වාදි අදහස් ඔහු ජීවතුන් අතර සිටියදී විනාශකාරි ලෙස මුස්ලිම් වරුන්ට හා බරගර් වරුන්ට බලපෑවේය
56 විපලවය.
අනගාරික දර්මපාල විසින් හදුන්වාදෙන ලද සින්හල බොදු සටන්කාමි වරග වාදය නිදහසින් පසු ගොඩ නැගෙන සිහල බොදු සමාජය කෙරෙහිද පිලිකාවක් ලෙස ක්‍රියා කලේය.නිදහස ලැබී කිසියම් කාලයක් ගතවී තිබියදීත් සින්හල රජ කාලයේදී බුද්දාගමට ලැබී තිබුන ස්තානය නැවත ලබා නොදීම ගැන සන්ගයා වහන්සේලා අතර ගොඩ නැගුන අසහනයක් තිබුනි.එම අසහනය පදනම් කොට ගෙන බික්ෂූන්ද බොදු ජනතාවද දැනුවත් කොට සින්හල බොදු ආණ්ඩුවක් දිනා ගැනීම සදහා වනෞපායමාර්ගික වැඩ සටහනක් හේන්පිට ගෙදර ඥානසීහ හිමි, ගුනපාල මල්ලසේකර හා ඇන්.කිවු දියෙස් යන නායකයින්. දියත් කර තිබුනි.බෞද්ද කොමිෂන් සබා වියාපාරය එම වැඩ සටහනේ ප්‍රබලතම අන්ගය විය.
56 ඇතිවූ ආණ්ඩු පෙරලිය යටත් විජිත ආණ්ඩු කාලයේදී ඇතිවූ බෞද්ද පුනරුද වියාපාරයෙන් පසුව බෞද්ද ව්ෂයෙහි සිදුවූ ලොකුම විපලවය ලෙස සැලකිය හැකිය.ඉතාම වැදගත් දේ බෞද්ද බික්ෂූන් එම විප්ලවයේ ප්‍රවර්තක බලය ලෙස ක්‍රියා කිරීමය.
ඉන්ග්‍රීසි බාෂාවට ලබා දී තිබුන ප්‍රමුකත්වය නැති කොට සින්හල හා දෙමල යන බාෂාවන් දෙකට රාජ්‍ය බාෂා තත්වයක් ලබාදීමට දේසපාලන පක්ෂ අත්‍ර ඇති කරගෙන තිබුන එගගත්වයට පටහැනිව අගමැති බන්ඩාරනායක සිනහල බාෂාව පමනක් රාජ්‍යය බාෂාව කලේය.ඒ සමග එජාප ද ප්‍රන බාෂා ප්‍රතිපත්ත්‍ය අතහැර සින්හල පමනක් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේය.සින්හල සමාජයේ වැඩ කරන් දේසපාලන පක්ෂ අතරින් සින්හල දෙමල යන වර්ග දෙකේම බාෂා අයිති වාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ වාමාන්ශික පක්ෂ දෙක ( සමසමාජ කොමියුනිස්ට්) පමනය.
බන්ඩාරනායකගෙන් පසු
බන්ඩාරනායකගෙ සින්හල පමනක් ප්‍රති පත්තිය ලන්කාවේදෙමල ජනතාව ඔවුන්ගේ බාෂාඅයිතිවාසිකම් වෙනුවෙන් බලවත් ලෙස සටන් කරන තැනකට තල්ලු කිරීමෙන් නොනැවතී සින්හල තරුන පරපුරද ද්වී බාෂා අද්‍යාපනයෙන් ඉවත් කොට සින්හල බාෂාවට පමනක් සීමා කිරීමට හේතු විය. බික්ෂු කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් වශයෙන් බන්ඩාරනායක අගමැතිද ගාතනයට ලක්විය.
එහෙත් ඒ කිසිවක් නිසා සින්හල බෞද්ද ආදිපත්‍යයේ ශක්තිමත් වීමක් මිස දුරවල කිරීමක් සිදු නොවීය.එයට තිබුන එකම හැකියාව බහුතර බලය යොදාගෙන සුලු වාරගික අයිති වාසිකම් බුල්ඩෝසර කිරීම පමක් වන නිසා එය විනාශකාරී වියාපාරයක් ලෙස ක්‍රියා කලා මිස කිසිදු ප්‍රගතියක් ඇති කරන වියාපාරයක් නොවීය.බොහෝ කල් ගතවන්නට පෙර එම වියාපාරයේ ආදිපටය නොපිලිගත් සින්හලයින් අතර වැඩ කල එකම වියාපාරය ලෙස සැලකිය හැකි සමසමාජ හා කොමියුනිස්ට් යන වාම පක්ෂ දෙකද ශ්‍රීලනිප සමග සබාගයක් ඇතිකර ගනිමින් ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ කියා පෙලපාලි යන අවලස්සන තැනකට තල්ලුවිය.ඉන් ප්සු ජවිපෙ නමින් බිහිවන නව වමද උත්පත්තියේ සිටම සින්හල බෞද්ද ආදිපත්‍ය පිලිගෙන වැඩ කරන පක්ෂයක් විය.එජාප 1965 දී ෆෙඩ්‍රල් ප්ක්ෂය සමග සබාග ආණ්ඩුවකැති කර ගත්තත් සින්හල බෞද්ද ආදිපත්‍ය විසින් ඇතිකර තිබූ සීමා මායිම් අතික්‍රමනය කිරීමට බිය වීම නිසා ෆෙඩ්‍රල් පක්ෂය සමග ඇති කරගෙන තිබුන සබාගය එම ආන්ඩුවේ අවසාන කාලයේදී බිද වැටුනි.ඉන් ප්සු බලයට පැමිනි ශ්‍රීලනකා , සමසමාජ , කොමියුනිස්ට සබාගය දෙමල ජනයා පීඩාවට පත් කොට සිනහල බෞද්ද ආදිපත්‍යය උප්‍රිම කිරීමට හේතු වන නීති ඇතිකලේය.එම දුරදානත් නීති දෙමල ජනයා වෙනම රාජ්‍යය ක්. වෙනුවෙන් සටන් කරන තැනකට තල්ලු කිරීමට හේතු විය.
ප්‍රබාකරන් පරාජය කිරීම
ප්‍රබාකරන් ගේ ඊලාම් සටන සිහල සමාජය තුල පැවති සින්හල බෞද්ද ආදිපත්‍යය තර කලේය.අලුතෙන් එල්ලවී තිබුන අබියෝග ජය ගැනීම සදහා අනගාරික දරමපාලගේ චින්තනය ප්‍රමානවත් නොවීම නිසා ගුනදාස අමරසේකර, නලීන් ද සිලවා,චම්පික රනවක වැනි අලුත් චින්තකයින් බිහිවීක්ද සිදුවිය. ඒ සියලු දෙනා එම ප්‍රවාහයේ මෝඩ කම වරදන කලා මිස ඔවුන් ගේ බුද්දිය වරදනය කලේ නැත.
දිඋරග කාලයක් තිස්සේ පැවති ප්‍රබාකරන් ගේ ඊලාම් යුද්දය පරාජය කිරීමට හේත්වූ ජනාදිපත් මහින්ද රාජපක්ෂගේ ඊලාම් විරෝදි ජයග්‍රාහී යුද්ද වැඩ සටහන සින්හල බෞද්ද ආදිපත්‍යය උපරිම තටවයට ගෙන ඒමට හේතු විය. එම ජයග්‍රහනය රාජ්‍යයේ ඇතිවී තිබුන බිදවැටීම හා කුනුවීම නොපෙනෙන තත්වයකට පත් කිරීමට හේතුවී තිබුනි.එම ජයග්‍ර්හනයත් සමග මහින්ද රාජපක්ෂ ජනාදිපත්වරයා සින්හල බෞද්ද ජනායාගේ ඔටුන්න හිමි රජු බවට පත් විය .ඒ සමග සිදුවූ තවත් වෙනස් කමක් වූයේ දෙමල සතුරා මුලුමනින් පරාජය කර තිබූ තත්වය ඉදිරියේ මුස්ලිම් වරුන්ට එරෙහිව කරන සටන සින්හල බෞද්ද ජාතියේ. ප්‍රදාන සටන බවට පත් කර ගැනීමය.
2015 ජනාදිපති. වරනයෙන් මහින්ද රාජක්පක්ෂ ලැබූ පරාජය සින්හල බෞද්ද බලවේගයන් විශ්මයටද කෝපයටද පත් කිරීමට හේතු විය. එය ඔවුන්ට පෙනු නේ සුලු ජාතිකයින් එකට එක්තු වී මහජාතියට එරෙහිව කරනලද කුමන්ත්‍රනයක් ලෙසය.ඒ මගින් තමන්ට ලැබී තිබුන දේසපාලන බලය තනන් ගෙන් උදුරා ගැනීමක් ලෙසය.එම තත්වය ජය ගත යුතුව තිබෙන හොදම ක්‍රමය ලෙස ඔවුන්ට පෙනුනේ. ඊලග ජනාදිපති වරනය සිහල බෞද්ද චන්ද වලින් පමනක් ජය ගත යුතුබ්වය.ඒ අරමුන වෙනුවෙ එම ජනයා සන්විදාබය කිරීමේ වගකීම 1956 මෙන් බික්ෂුන් වහන්සේල සිය කරට ගත්තේය.සින්හල බෞද්ද් ජනයා ගලවා ගැනීමෙ වගකිමබාරදෙන ලද්දේ ගෝටාබය රාජපක්ෂටය.
දිව්‍යලෝකය වෙනුවටනරකාදියට.
අපේක්ෂා කල ආකාරයටම සිහල බෞද්ද චන්ද පමනක් පදනම් වී ජනාදිපති වරනයද පාරලිමේන්තු මැතිවරනයද ජයගැනීමට මෙම බලව්වෙගය සමත් විය එහෙත් එහෙත් එම ජය ග්‍රහනය ඔවුන් රැගෙන විත් තිබෙන්නෙ අපේක්ෂා කල ස්වර්ග රාජ්‍යය ට නොව අවිචි මහා නරකාදියකටය.මේ ගමනේ අවසාන තරකානු කූල පලය වන්නට ඉඩ තිබුනේද එයයි
අනගාරික දරම පාලගෙන් පටන් ගෙන ගෝටාබය දක්වාම මේ මගෙහි ඊට නායකත්වය දෙනල හැන නායකයෙක්ම රට අවුල් කොට රටේ සුලුතර ජනය පමනක් නොව සින්හල බෞද්ද ජනයාද විනාශ්‍ය කරා රැගෙන ගියා මිස විමුක්තිදායක තැනකට රැගෙන ගියේ නැත.ඇතිවී තිබෙන මෙඅම ප්‍රතිපලයත් සමග අන්තවාදි සින්හල බෞද්ද දේසපාලන වියාපෘතියද ඓතිහාසික වශයෙන් අවසන් වේ.එම වියාපෘතියේ දේසපාලන නායකයින්ට සේම නලුනිලියන්ට තිබෙන පිලිගැනීමද අවසන් වේ. ඒ සියලු දෙනා. සින්හල බෞද්දයින්ගෙ කෝපයට හා අවඥාවට හේතුවනු ඇත්තේය.එක අවලස්සන මූසල යුගයක් අවසන් වෙමින් තිබෙන බව හා අලුත් ලස්ස සාදාරන යුගයක් ආරම්බ කිරීමට කාලය උදාවී තිබෙන බව අප තෙරුම් ගත යුතුය.