පාස්කු කොමිසමේ වාර්තාවේ මහමොළකරුවන් ගැන සඳහනක් නැහැ

පාස්කු කොමිසමේ වාර්තාවේ මහමොළකරුවන් ගැන සඳහනක් නැහැ

පාස්කු කොමිසමේ වාර්තාවේ මහමොළකරුවන් ගැන සඳහනක් නැහැ

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම එම ප‍්‍රහාරයට සම්බන්ධ වු මහ මොළකරුවන් කව්දැයි යන්න සොයාගෙන නැති බව රාවය කළ විමසීමකදී නීතිඥ ශිරාල් ලක්තිලක කීවේය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශන කොමිසමේදී සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණත් ඒ ගැන අවධානයක් යොමුව නැති බව වාර්තාවෙන් පෙනෙන්නට ඇතැයි ද ඔහු කීවේය.

මුස්ලිම් අන්තවාදය නැවත ඇතිවීම වැළැක්වීම උතුරේ යුද්ධය කළ ආකාරයෙන් සිදු කළ නොහැකි බවද පැවසූ ඔහු තව්හිද් යනු විශ්වාසයක් මත පදනම් වූ ලබ්ධියක් බවත් එවැනි විශ්වාස මත ගොඩනැගෙන ආගම් භක්තිය නැති කිරීම ලෙහෙසි නොවන බවද කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *