මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සැක සහිතයි – පරිසරවේදීන්ගේ දැඩි විරෝධය

මුතුරාජවෙල රක්ෂිතයට අදාළ මායිම් සලකුණු කිරීමට රජයට මාස 3ක කාලයක්

මුතුරාජවෙල රක්ෂිතයට අදාළ මායිම් සලකුණු කිරීමට රජයට මාස 3ක කාලයක්

මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සැකයක් මතු වන බවට පරිසරවේදීහු චෝදනා කරති.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, “ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ඉදිරියේදී එය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය පරිසර පද්ධතියක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්,”ය.

මෙම තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන් කිහිප දෙනෙක් අදහස් දැක්වූහ.

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ, අභය භූමියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවතිය යුතු අතර එය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීම පිළිගත නොහැකි ක්‍රියාවක් බවය.

තවද, අභය භූමියක් යනු ස්වාභාවික පරිසර පද්ධතියක් වන අතර එය සංවර්ධනය කරන බව කීම පිළිබඳව සැකයක් මතු වන බවය.

“මේක සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි සංවර්ධනය කරනවා කියන්නේ, මුතුරාජවෙල ඇතුළේ හෝටල් හදන එක ද, එහෙම නැත්නම් වෙනත් කෘත්‍රිම සංවර්ධනයක් ද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා ඒ ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කළ යුතුයි,” ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පැවසීය.

අභය භූමියක් යනු කුමක් දැයි පැහැදිලි කළ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා:

“ගොඩක් අය දන්නෙ නෑ, අභය භූමියකට සාමාන්‍ය ජනතාවට ඇතුළු වෙන්න පුළුවන් නොමිලේ. ඔවුන්ගෙන් සල්ලි ගන්න බැහැ. ඒත් සංචරකයින් ඉලක්ක කරගෙන මුදල් ඉපයීමේ ස්ථානයක් බවට මුතුරාජවෙල පත් කළොත් ඒක තවදුරටත් අභය භූමියක් වෙන්නෙ නෑ. ඒ නිසා මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි.”

මේ අතර, මුතුරාජවෙල අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට එරෙහිව විරෝධය පළ කරන පරිසරවේදියෙකු වන දිනූෂ නානායක්කාර මහතා ද සිය අදහස් දැක්වීය.

“වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි, නාගරික සංවර්ධන අධිකාරියයි දෙක ම රජයේ ආයතන. ඒ දෙක ම රජයේ ආයතන නම් නාගරික සංවර්ධන අධිකාරියට විතරක් මේක ආරක්ෂා කරන්න පුළුවන් කියන්නේ කොහොම ද? ඇයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේක අභය භූමියක් විදිහට පවත්වාගෙන යන්න බැරි?”

“මෙතන කරන්න තියෙන්නේ, මේක ආයෙත් හරියට මැනලා වෙන් කරලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන එකයි. මේ ගොල්ලෝ මේ කරන්න යන්නේ, අභය භූමිය විනාශ කරන ව්‍යාපෘතියක්.”

මුතුරාජවෙල අභය භූමිය ආරක්ෂා කිරීම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ද ඍජුව මැදිහත් වී සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *