බෝයිං සමාගම සිය 777 මාදිලියේ යානා 128ක් භාවිතය අත්හිටුවයි

බෝයිං සමාගම සිය 777 මාදිලියේ යානා භාවිතය අත්හිටුවීමට නිර්දේශ - 128ක් භාවිතය අත්හිටුවයි

බෝයිං සමාගම සිය 777 මාදිලියේ යානා භාවිතය අත්හිටුවීමට නිර්දේශ - 128ක් භාවිතය අත්හිටුවයි

ඇමරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම සිය 777 මාදිලියේ යානා භාවිතය අත්හිටුවීමට නිර්දේශ කර තිබේ.

ඒ, ප්‍රමුඛ පෙළේ ඇමරිකානු ගුවන් සමාගමක් වන යුනයිටඩ් එයාලයින්ස් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානයක එන්ජිමක් පසුගිය සෙනසුරාදා ඩෙන්වර් නගරයට ඉහළින් පියාසර කරමින් සිටියදී අක්‍රීය වීම හේතුවෙනි.

ඒ හේතුවෙන් මගීන් 231 දෙනෙකු රැගත් එම ගුවන් යානය ඩෙන්වර් ගුවන්තොටුපළ වෙත කැඳවීමට සිදුව ඇති අතර ගුවන් යානයේ එන්ජිමේ සුන්බුන් ඩෙන්වර් නගරයට කඩා වැටී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව, බෝයිං සමාගම සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තුරු බෝයිං 777 යානා 128ක් භාවිතයෙන් ඉවත් කර තබන ලෙසය.

එම සිදුවීමත් සමග ‘යුනයිටඩ් එයාලයින්ස්’ සමාගම, ජපානයේ ප්‍රධාන ගුවන් සමාගම් දෙකක් සහ කොරියාවේ ‘කොරියන් එයාර්’ සමාගම මෙම යානා භාවිතය තාවකාලිකව නවතා දමා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *