බිම් මට්ටමේ කොරෝනා මරණ වාර්තා වෙන්නෙ නෑ: මරණ ගණන්හිලව් පරස්පරයි; ශීඝ්‍ර වර්ධනයක් – සෞඛ්‍ය අංශ

නිවසේ මියයන පුද්ගලයින්ගේ දේහ ඥාතීන්ටම මුදා හැරීමට අවසර; එම්බාම් කිරීම තහනම්; පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතුයි

නිවසේ මියයන පුද්ගලයින්ගේ දේහ ඥාතීන්ටම මුදා හැරීමට අවසර; එම්බාම් කිරීම තහනම්; පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතුයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස

ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

“සමස්ත මරණවලින් සියයට 70ක් වෙලා තියෙන්නේ අවුරුදු 60ට වැඩි අය. ඒ නිසා මෙන්න මේ ඉලක්ක කණ්ඩායම් හරියට තෝරගෙන ඒ අය නිවැරදිව කලමනාකරණය කර විශේෂයෙන් එන්නත් වැඩසටහනේ දී ඒ අය ඉලක්ක කර ක්‍රියාත්මක කිරීම මීට වඩා කාර්යක්ෂමව සිද්ධවෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ජනවාරි සමස්ත මාසයට ම අපිට මරණ වාර්තා වුණේ 112ක් වගේ ප්‍රමාණයක්. පෙබරවාරි මාසය ඇතුළත මේ දවස් 20ක් ගත වෙනකොට ඒ ජනවාරි සමස්ත මාසයට වාර්තා වුණ මරණ ගාන ඉක්මවලා වාර්තා වෙනවා. මේක එතරම් සුබදායි තත්ත්වයක් නෙමෙයි.”

එමෙන්ම බිම් මට්ටමේ දී සිදුවන කොවිඩ් මරණ නිසිලෙස සංඛ්‍යා ලේඛන සඳහා යොමු නොවීම හේතුවෙන් ජනතාව හා සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයකට ලක්ව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

“බිම් මට්ටමේ සිදුවන මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නෑ. ඒ හරහා මතුවෙලා තියෙන තත්ත්වය තමයි සෞඛ්‍ය වෘත්තීකයින් දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා. උදාහරණය තමයි ගමක මරණයක් වුණාම ජාතික මට්ටමෙන් සහ වසංගත රෝග අංශය මඟින් දත්ත ප්‍රකාශ වෙනකොට ගමේ සිදුවුණ මරණය ඒ දත්ත පත්‍රිකාවට ඇතුළත් වෙන්නේ නැත්නම් ඒක කොවිඩ් මරණයක් ද නැද්ද කියන සැකය ඥාතීන් තුළ එනවා. බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් මේ හරහා සමාජය හා සෞඛ්‍ය වෘත්තීතයන් අතර ඇති වෙන්න පුළුවන්.”

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ අදහස

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසන්නේ සෞඛ්‍ය ආමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව හා කොට්ඨාස මට්ටමින් ඉදිරිපත්වන සංඛ්‍යාව අතර පරස්පරතාවයක් පැවතීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු අසීරුතාවයකට පත්ව ඇති බවයි.

කොවිඩ් ආසාදනයෙන් ගම් මට්ටමින් මිය යන පුද්ගලයන් කොවිඩ් නීතියට අනුව ආදාහනය කරනු ලබන අතර එසේ මියයන පිරිස පිළිබඳව වාර්තා නොකිරීම නිසා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් මහජන පරීක්ෂකවරුන්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන අවස්ථා ඇති බවද ඔහු පවසයි.

කොවිඩ් ආසාදනයෙන් මියයන ඥාතීන්ගේ සිරුරු නිවසට ගෙන ඒමටවත් ඉඩ නොදී ආදාහනය කරනු ලබන නමුත් ඒ කිසිවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වාර්තවෙන් නිකුත් නොවීම නිසා ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රදේශවාසීන්ගේ දෝෂාරෝපණයට ලක්වන අවස්ථා තිබෙන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය වැඩිදුරටත් පවසයි.

“ශ්‍රී හඬ හෙලිදරව්ව” තුළින් අප කල අනාවරනය :

https://srihanda.lk/2021/02/16/real-corona-stats/

About The Author

1 thought on “බිම් මට්ටමේ කොරෝනා මරණ වාර්තා වෙන්නෙ නෑ: මරණ ගණන්හිලව් පරස්පරයි; ශීඝ්‍ර වර්ධනයක් – සෞඛ්‍ය අංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *