දෙමළ දේශපාලන පක්ෂ 10ක් එකාබද්ධව ‘දෙමළ ජාතික කවුන්සිලය’ නමින් නව පෙරමුණක්

උතුර නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 10ක් එකාබද්ධව ‘දෙමළ ජාතික කවුන්සිලය’ නමින් නව දේශපාලන පෙරමුණක්
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ 10 ක් එකාබද්ධව ‘දෙමළ ජාතික කවුන්සිලය’ නමින් නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට යෝජනා කර ඇත.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නියෝජීතයින් පිරිසක් විසින් යාපනයේ පැවැත්වු සාකච්ඡාවේදි ගනු ලැබු තීරණ දැනුම්දීම වෙනුවෙන් පැවැත්වු මාධ්‍ය හමුවේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙසේ කීය.
ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට එම දේශපාලන පක්ෂ ලබන 28 වනදා යාපනයේදි රැස්වීමට නියමිත බවද ඊපීආර්එල්එෆ් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
“උතුරු නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ නැවතත් යාපනයේදි රැස්වුණා. එහිදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරුණා. එහිදි ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනාව හා ඉන් පසුව ගන්නා තීරණයන් පිළිබඳව සාකච්ඡා කෙරුණා. එබැවින් දෙමළ ජනතාවට යුක්තිය සාධරණය ඉටුවීම යන කාරණා ජාත්‍යන්තර මට්ටමින් විසදා ගත යුතු බව අපගේ මතයයි. අපගේ මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ගැනීමට අප එක්විය යුතුය යන ස්ථාවරයේ අප සියලු පක්ෂ සිටිනවා. එසේ සිතන ඕනෑම දේශපාලන පක්ෂයකට සංවිධානයකට අප හා එක්විය හැකියි”
මෙම මාධ්‍ය සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී. වී. කේ සිවඥානම් මහතා ද එක්ව සිටියේය.