ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය අතරතුර විරෝධතා ව්‍යාපාරයක්

ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය අතරතුර විරෝධතා ව්‍යාපාරයක්

ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය අතරතුර විරෝධතා ව්‍යාපාරයක්

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකා සංචාරය අතරතුර විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට මුස්ලිම් සංවිධාන සැලසුම් කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම සදහා අවසර ලබා දෙන ලෙසට ආණ්ඩුවට බල කරන ලෙස දැනුම් දෙමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

පාකිස්තාන අගමැතිවරයා සිය ලංකා සංචාරය අතරතුරදී ගාලු මුවදොර පිහිටි ෂැන්ග්‍රිලා හෝටලයේදී ව්‍යාපාරික සමුලුවකට එක්වීමට නියමිත අතර එම අවස්ථාවේදී ෂැන්ග්‍රිලා හෝටලය ඉදිරිපිට මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *