PCR සැක⁣යක්: මිය ගිය තරුණයෙකුගේ අවසන් කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්

PCR සැක⁣යක්: මිය ගිය තරුණයෙකුගේ අවසන් කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්

PCR සැක⁣යක්: මිය ගිය තරුණයෙකුගේ අවසන් කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි අධිකරණ නියෝගයක්

හදිසියේ මියගිය පසු සිදු කළ PCR පරීක්ෂණයකින් කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වී ඇති කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අනුබද්ධිතව රාජකාරියේ නිරතව සිටි 26 හැවිරිදි තරුණයෙකුගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු (18) දක්වා අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය (16) දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට සහ එහි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ ය.

ඉතා නිරෝගීමත්ව සිටි සිය පුත්‍රයා හදිසියේ මිය යාමෙන් පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය මගින් සිදුකළ PCR පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු බව දැනුම් දී ඇතත්, එම වාර්තාව සම්බන්ධයෙන් තමන්ට දැඩි සැකයක් පවතින බැවින් නැවත PCR පරීක්ෂණයක් සිදු කර දෙන ලෙස ඉල්ලා ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් ගොනු කළ තිබූ රීට් ආඥා පෙත්සමක් සලකා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරෙයා යන මහත්වරුන් එම නියෝගය කළේ ය.

එම මරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා (18) අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට සහ අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාට නොතීසි නිකුත් කිරීමටද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ ය.

පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *