(VIDEO)මම ජනාධිපති වුණේ මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි: මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට: සමාජ මාධ්‍යවල හාස්‍යයට සැලෙන්නේ නැහැ” – ජනපතිගෙන් ප්‍රතිචාර

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

2022ට ජනාධිපති යටතේ පවතින අමාත්‍යංශයවලට දිනකට කෝටි 116යි ; සෞඛ්‍යට දිනකට කෝටි 42යි

ගම සමඟ පිලිසඳර වැඩසටහන මාධ්‍ය සංදර්ශණයක් ලෙස සමාජ මාධ්‍යවල හාස්‍යයට ලක්වුවත් එයින් කිසිවිටෙකත් අධෛරය්‍යයට පත්නොවන බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ පවසයි.

“දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකුට යැවෙන්නේ නෑ. අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා. කවුරු වුණත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

මීට පෙර සිටි ජනාධිපතිවරුන් ගමට පැමිණියේ නැතැයි පවසන ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මාධ්‍ය සංදර්ශණ කරන්නට අවශ්‍ය නම් ඡන්දයක් ආසන්නයේ එය කරන බව වැඩිදුරටත් පවසයි. ඒ අනුව තම වැඩිමහල් සහෝදරයාගේ වසර 10ක පාලන කාලයටද සියුම් ඇනුම්පදයක් එල්ල කිරිමට ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා අමතක නොකරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මම ප්‍රාදේශීය සභාවකටවත් තරග කරලා නෙවෙයි ජනාධිපති වුණේ. ජනතාවගේ ඉල්ලීම මත. ලේකම්වරයෙකු වශයෙන් කරපු වැඩ කොටස ගැන හිතලා. සමහර අය අහනවා ගමට යන්නෙ මොක ද, නිලධාරීන්ගෙන් අහන්න පුළුවන්නේ කියලා. එහෙමත් පුළුවන්. හැබැයි මගේ ක්‍රමය ඒක නෙවේ. කවුරුත් මාව විවේචනය කරන්න පුළුවන් නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.”

මෙහිදී රක්ෂිත වනාන්තරයක් හරහා මාර්ගයක් ලබා දෙන ලෙසට ජනතාව අතරින් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ, රක්ෂිතයක් හරහා මාර්ගයක් ලබා දීමට යාමෙන් බැණුම් ඇසීමට සිදුවන හෙයින් ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය යුතු බවය.

මීට පෙර සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට යාමේදී ඊට දැඩි විරෝධතා එල්ල විය.

‘ගම සමඟ පිළිසඳර’ 9 වැනි අදියරට (06) එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ගම සමඟ පිළිසඳර’ 9 වන අදියර (6) ක්‍රියාත්මක වුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍රකර ගනිමිනි.

දික්වැල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා භූමියට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසඳරක ද නිරත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *