සාපේක්ෂව 2020 වසරේ අපරාධවල අඩු වීමක්, අපරාධ විසඳීමේ ප්‍රතිශතය 78%ක් – නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

සාපේක්ෂව 2020 වසරේ අපරාධවල අඩු වීමක්, අපරාධ විසඳීමේ ප්‍රතිශතය 78%ක් - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

සාපේක්ෂව 2020 වසරේ අපරාධවල අඩු වීමක්, අපරාධ විසඳීමේ ප්‍රතිශතය 78%ක් - නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

මෙරට සමස්ත අපරාධවල අඩු වීමක් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී වාර්තා වී ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී (5) ප්‍රකාශ කළේය.

වසර 2019 දී පොලිසියට වාර්තා වී ඇති සමස්ත අපරාධ සංඛ්‍යාව 34,578ක් වන අතර 2020 වසරේදී එය 31,060 ක් ලෙස වාර්තා වේ. ඒ අනුව 2019 ට සාපේක්ෂ අපරාධ 3,518ක අඩුවීමක් පෙන්නුම් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

2019 වසරේ සමස්ත අපරාධ 3,4578කින් අපරාධ 25,526ක්ම විසඳා ඇති අතර අපරාධ විසඳීමේ ප්‍රතිශතය සියයට 74කි. 2020 වසරේ අපාරාධ 31,060ක් වාර්තා වී ඇති අතර එම අපරාධවලින් 24,276 විසඳා ඇති අතර විසඳීමේ ප්‍රතිශතය සියයට 78කි. එනම් පසුගිය වසරට වඩා අපරාධ 3,518ක අඩුවීමක් පෙන්නුම් කරයි.

මේ අපරාධ අතරින් ස්ත්‍රී දූෂණ. බාල අපචාර, මනුෂ්‍ය ඝාතන 2019 වසරේ 8,584ක් වාර්තා වී ඇති අතර එයින් 6,045ක් පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන විසඳා තිබේ. එම විසඳීමේ ප්‍රතිශතය සියයට 70කි. 2020 වසරේ එවැනි අපරාධ 7,749ක් වාර්තා වී ඇති අතර එයින් 5,757ක් පොලිසිය විසඳා ඇති අතර එහි ප්‍රතිශතය සියයට 74කි. එනම් එවැනි අපරාධ 2019 වසරට වඩා 2020 වසරේ 835ක අඩුවීමක් දක්නට ලැබේ.

එම අපරාධවලින් මනුෂ්‍ය ඝාතන 2019 වසරේ 481ක් වාර්තා වී ඇති අතර එම ඝාතන සිද්ධිවලින් 451ක් පොලිසිය විසින් විසඳා ඇති අතර විසඳීමේ ප්‍රතිශතය සියයට 94කි. 2020 වසරේ මනුෂ්‍ය ඝාතන 464ක් වාර්තා වී ඇත. එනම් එය 2019 වසරට වඩා 2020 වසරේ මනුෂ්‍ය ඝාතනය 17කින් අඩුවී තිබේ.නමුත් යතුරු පැදි, ත්‍රිරෝද රථ සොරකම් කිරීම් වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මහජනතාව තුළ අපරාධ හේතුවෙන් කම්පනයක් ඇති කර වන සුළු ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක් පසුගිය සතියේ වාර්තා වී ඇති අතර එයින් ප්‍රධානතම සිද්ධියක් වන්නේ පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය. මේ වන විට එම අපරාධය කළ ඝාතකයන් පොලිසිය විසින් නිශ්චිතව හඳුනා ගෙන ඇත.

ගම්පහ මූල්‍ය ආයතනයක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධ තොරතුරක් දෙන අයට රුපියල් මිලියනයක ත්‍යාගයක් දීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

යතුරු පැදි සොරකම් කිරීමේ ප්‍රවනතාවක් ඇති බවත් යතුරු පැදි පොදු ස්ථානවල නවත්වා යෑමේදී දැඩිව සැලකිලිමත් වන ලෙසත් ආරක්ෂක උපක්‍රම භාවිත කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *