“පාස්කු වාර්තාව රතු පලස යට සඟවන්න එපා; නිර්දේශ රටට අනාවරණය කරන්න” – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ

0
"පාස්කු වාර්තාව රතු පලස යට සඟවන්න එපා; නිර්දේශ රටට අනාවරණය කරන්න" - කාදිනල් මැල්කම් රංජිත් හිමි

"පාස්කු වාර්තාව රතු පලස යට සඟවන්න එපා; නිර්දේශ රටට අනාවරණය කරන්න" - කාදිනල් මැල්කම් රංජිත් හිමි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ රටට අනාවරණය කර ඒවා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එසේ නොවුණහොත් කතෝලික ජනතාවට මෙරට ජීවත් වීමට නොහැකි වීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.

එහිදී උන්වහන්සේ මෙසේ ද කීහ.

“ඒ ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වෙනකොට ජනාධිපතිවරයා වෙත භාර දීලා තියෙන්නෙ. වෙනදා වගේ රතු පලස යට ඒ නිර්දේශ සඟවන්න අපේ රටේ නායකයෝ උත්සාහ කළොත් කතෝලික ජනතාවට මෙරටේ ජීවත් විය නොහැකි පරිසරයක් ඇති වෙනවා.”

“රටේ පොදු සම්පත් විකුණා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා. ඒවාට නිහඬව ඉන්න අපිට බැහැ. මේ සෑම දෙයක්ම සිදු වෙලා තියෙන්නේ නිදහසෙන් පසුව අපේ රටේ නායකයෝ ගමන් කළ වැරැදි මාර්ග නිසයි. මේ ලස්සන දිවයිනේ එක එක භාෂා කතා කරන අයට වෙන වෙන ම කොටස් තියෙනවා. එක එක ආගම්වලට සම්බන්ධ අයට වෙන වෙනම කොටස් තියෙනවා. ඒ වගේම මේ රට ජාති ආගම් ලෙස බෙදිලා තියෙනවා. නිදහසින් පසු වසර ගණනක් තිස්සේ මේ බෙදීම් ඇති කළේ අපේම නායකයො බව කියන්න ඕනෑ. ජාතීන් අතර පවතින මේ විරසකය අපි වහාම සුව කර ගත යුතුයි. නැත්නම් අපේ නිදහසත් නැති වෙලා මේ රට විදේශීය අතකොලුවක් බවට පත්වෙනවා නොඅනුමානයි.”

කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ හැත්තෑ තුන්වැනි නිදහස් දිනය වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ දී (04 වැනිදා) පැවති දේව මෙහෙයට එක් වෙමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com