දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක

දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක

දෙමළ ජාතික සන්ධානය විරෝධතා පාගමනක

වත්මන් ආණ්ඩුව විසින් මෙරට දෙමළ ජනතාවට එරෙහිව මර්දන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවට චෝදනා කරමින් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරමින් දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ උතුරු නැගෙනිහිර පළාත් වල සිවිල් සංවිධාන වල එකමුතුවෙන් (03) උදෑසන මඩකළපුව පොතුවිල් සිට කන්කසන්තුරය පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කෙරුණි.

පාගමන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් , රාසමානිකම් සානක්‍යයන් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මෙම පාගමනට උතුරු නැගෙනහිර පළාත් දෙමළ මෙන්ම මුස්ලීම් දේශපාලඥයින්, සිවිල් සංවිධාන හා මහජනතාව එක්ව සිටියහ.

මෙම පාගමන ආරම්භ කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වු සානක්‍යයන් මන්තී‍්‍රවරයා පැවසුවේ අධිකරණ නියෝග මගින් සිය ජනතාවගේ විරෝධතාවයන් නතර කළ නොහැකි බවයි.

දකුණේ පැවැත්වෙන විරෝධතා වලට අධිකරණය තහනම් නිග නිකුත් නොකරන බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් පවත්වනු ලබන විරෝධතා වලට පමණක් කොරෝනා වයිරසය , සමාජ දුරස්ථභාවය බලපාන බව කියමින් අධිකරණයෙන් තහනම් නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු කරන බවද එක රටක් එක නීතියක් යනු එයදැයිද හෙතෙම ප‍්‍රශ්න කළේය.

කෙසේ වෙතත් රාසමානික්කම් සානක්‍යයන් මහතා ඇතුළු දේශපාලඥයින් කිහිප දෙනෙකුටම විවිධ ප‍්‍රදේශ වල අධිකරණ කිහිපයක් විසින් මෙම පාගමනේදි විවිධ නගර වල සිට පවත්වන විරෝධතා වලට සහභාගිවීම වළක්වාලමින් ඔවුන් වෙත තහනම් නියෝග නිකුත් කර තිබිණි.

මේ අතර සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙරට මුස්ලීම් ජනතාවගෙන් ඉල්ලා තිබුණේ මෙම විරෝධතා පාගමනට සහයෝගය ලබාදෙන ලෙසයි.

උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ජනතාවගේ ඉඩම් රජයේ ආයතන යොදා ගනිමින් ආක‍්‍රමණය කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, එම පළාත් වල හින්දු ආගමික ස්ථාන වෙත බලපෑම් සිදු කිරීම, අතුරුදන්වුවන්ගේ ගැටලූවට විසදුම් ලබා ගැනීම, යුද්ධයේදි සිදුවු බව කියන යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම හා වගවීම යන කාරණා මෙන්ම වතුකම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මෙරට මුස්ලීම් ජාතිකයින්ගේ මෘත දේහ ආදහනයට විරෝධය දැක්වීම යන කරුණු මුල් කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇත.
මෙම පාගමන (06) කන්කසන්තුරය පෝලිකණ්ඩි ප‍්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *