(VIDEO)ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහි වීඩියෝවක් එළියට දමයි

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව දැඩි යෝජනාවක් ඉදිරිපත් වීමේ පසුබිමක් සැකසී තිබියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ලංකාවේ සිදුවුණැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අතිවිශේෂ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඉතිහාසයේ කෙදිනකවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාව සම්බන්ධයෙන් එවැනි වීඩියෝවක් නිකුත් කර නොතිබීමය.

පසුගිය සතියේ මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට පිටු 30කින් යුත් රහසිගත වාර්තාවක් ආණ්ඩුව වෙත එවා තිබූ අතර ඉකුත් අගහරුවාදා දින ආණ්ඩුව ඊට පිළිතුරු ලිපියක් යැවීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් මෙවැනි ආකාරයේ නිල වශයෙන් වීඩියෝවක් නිකුත් කිරීම හරහා මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් බරපතළ පණිවුඩයක් නිකුත් වී ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

මෙම වීඩියෝව විනාඩියකුත් තත්පර 28ක් පුරා දිවයන්නකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *