බුද්ධි අංශයට සමීප පුද්ගලයෙක්, පාස්කු ප්‍රහාරයෙන් දවස් දෙකකට පසු අයි.එස් ත්‍රස්තවාදීන් සම්බන්ධ වී ප්‍රහාරයේ වගකීම භාර ගන්න කියලා

හෘද සැත්කමට ලක් කළ ශානි පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම

හෘද සැත්කමට ලක් කළ ශානි පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම

පාස්කු බෝම්බ ප්‍රහාරය අයි.එස් සංවිධානයේ මෙහෙයවීම මත සිදු කරන ලද්දක් බව සනාථ කෙරෙන සාක්කි කිසිවක් හමු නොවූ බවත්, රාජ්‍ය බුද්ධි අංශයට සමීප පුද්ගලයෙක්, පාස්කු ප්‍රහාරයෙන් දවස් දෙකකට පසු අයි.එස් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ වී ප්‍රහාරයේ වගකීම භාර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර (26) රාත්‍රී පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ සාක්කි දෙමින් පැවසූ බව medialk.com වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඔහු පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානයෙන් බාර ගන්නැයි ඉල්ලා තිබුණේ ‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයකු බවත්, එම පුද්ගලයා හා රාජ්‍ය ඔත්තු සේවයේ නිලධාරියකු දිගින් දිගටම සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වූ බවයි. ‘මාතලේ සහරාන්’ නම් පුද්ගලයා දිගින් දිගටම සම්බන්ධතා පවත්වා තිබුණු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා ‘ටොනික් ටොනික්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බව ද, ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිස් නිලධාරීන් රාජ්‍ය බුද්ධි සේවයට ගිය විට බුද්ධි ප්‍රධානීන් ඊට ඉඩ ලබා නොදුන් බව ද ශානි අබේසේකර සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබා දුන් අවසන් සාක්කිකරු ලෙස ශානි අබේසේකර මේ බව පවසා තිබේ.

එසේම මාවනැල්ල සහ පුත්තලම වනාතවිල්ලුවේ අන්තවාදි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සංවිධානය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුම්වත් කිරිමට අවස්ථාව ලබා දෙන බව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ශානි අබේසේකර පවසා තිබේ.

2020 වසරේ මැයි මාසයේදි පමණ සහරාන් හෂීම් ඇතුලු පිරිස කිසියම් ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා සූදානමින් සිටියත් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍යය තොගයක් සොයාගැනීමත් සමඟ එම ප්‍රහාරය වැලකී ගිය බව ද අබේසේකර පවසා ඇත. මෙම සිද්ධිවලට සම්බන්ධ පිරිස ජංගම දුරකතනවලට විශේෂ යෙදවුම් භාවිත කරමින් සන්නිවේදන කටයුතු සිදු කර තිබුණු නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අසීරු වූ බව ද ඔවුන් භාවිත කළ ජංගම දුරකථන යෙදවුමට අදාල සමාගමෙන් අදාල විස්තර ඉල්ලා සිටියද ඔවුන් එය ලබා නොදුන් බව ද ශානි අබේසේකර වැඩිදුරටත් පවසා ඇත.

– LV

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *