මුතුරාජවෙල සංවේදී කළාපයේ සියලු පෞද්ගලික ඉඩම් රජයට

මුතුරාජවෙල ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම අප්‍රේල් දක්වා කල් දමයි

මුතුරාජවෙල ගැසට්ටුව ක්‍රියාත්මක කිරීම අප්‍රේල් දක්වා කල් දමයි

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙහි දැනට පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව කියන කොටස රජයට පවරා ගැනීමට සහ එහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් සදහා අවසර නොදීමට (27) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මාෂල් රොෂාන් ගුණතිලක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා අදහස් දක්වමින්, එම කලාපයෙහි පෞද්ගලික කොටස රජයට පවරා ගැනීමට තීරණය කරන බව සදහන් කළ අතර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා ප්‍රකාශ කොට සිටියේ ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක විය යුතු බවත් පැමිණිලි අවශ්‍ය නොවන බවත්ය.

මෙහිදී මුතුරාජවෙල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලලිත් වික්‍රමආරච්චි මහතා පැහැදිලි කිරීමක් කරනු ලැබීය.

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය තුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් තුල පෞද්ගලික පාර්ශ්ව අයිතිවාසිකම් කියන ඉඩම් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන පරිසර සංවේදී කලාපයක් ලෙස ආරක්ෂක කණු යොදා සංරක්ෂණය කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

අක්කර 600 කින් සමන්විත මුතුරාජවෙල ප්‍රදේශයෙහි සිදු කෙරෙන පරිසර හානිය සම්බන්ධයෙන් විශාල වශයෙන් ජනතා විරෝධතාවයක් පළව ඇති බවත් මෙය රතුපස්වල ජල ගැටළුව හා සමාන ප්‍රශ්ණයක් විය හැකි බැවින් මෙම තීරණය ගැනීම සුදුසු බවත් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු එම ප්‍රදේශය නියෝජනය කරනු ලබන ජනතා නියෝජිතයින් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *