ගෘහණියන්ට ‘මාසික වැටුපක්’ – ඉන්දියාවේ නළුවකුගෙන් ඡන්ද පොරොන්දුවක්!
තම පක්ෂය බලයට පත්කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කළහොත් ගෙදරදොරේ වැඩකටයුතු සඳහා කාලය සහ ශ්‍රමය කැපකරන කාන්තාවන්ට වැටුප් ගෙවන බවට ඉන්දියානු සිනමා තරුවක් විසින් අලුතින් ආරම්භකරන ලද දේශපාලන පක්ෂයක් ප්‍රතිඥාවක් දෙයි.
එම සැලැස්ම මගින් ගෘහණියන්ගේ සේවයට මූල්‍යමය වටිනාකමක් ලැබෙන අතර,එමගින් කාන්තාවන්ගේ ස්වාධීනත්වය සහ බලය ශක්තිමත් වනු ඇතැයි”පවසමින් මුල්පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ද එම අදහස අගය කර ඇත. එම මන්ත්‍රීවරයාගේ අදහස් අනුව එමගින් ගෘහණියන්ට ලෝකය පිළිගනු ලැබ ඇති මට්ටමට ආසන්න මූලික ආදායමක් ලැබෙනු ඇත. විශේෂයෙන්ම වැටුප් ශ්‍රමිකයන්වීමට ඇති ඉඩකඩ අහිමිවෙමින් ඇති පරිසරයක ඉහත කී කාරණය වාද මතවාද පැතිරයාමට හොඳ මාතෘකාවක් ද වනු ඇත.
සමස්තයක් ලෙස මුළු ලෝකයම ගත්විට ගෘහණියන් පසුවන්නේ වැටුප් නොලබන ශ්‍රම කාර්යයන්හි නිරතවෙමිනි.
එය යම්කිසි පෙළගැස්වීමක් අනුව බැලුවොත්, ඉරාකයේ කාන්තාවක් එක දිනකට වැටුප් රහිතව මිනිත්තු 345ක කාලයක්ද,තායිවානයේ කාන්තාවක් මිනිත්තු 168ක කාලයක් ද ශ්‍රමය වැය කරන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ඇස්තමේන්තු කිරීම වෙයි. එහෙත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රකාශනය පරිදි, පුරුෂයන් ගත්විට ඔවුන් වැටුප් රහිතව ශ්‍රමය වැය කරනු ලබන කාලය දිනකට මිනිත්තු 83ක් පමණි. ඒ අනුව කාන්තාවක් විසින් වැටුප් නොලබා වැය කරනු ලබන ශ්‍රම කාලය දිනකට මිනිත්තු 265කි.
එය පුරුෂයන්ට වඩා තුන්ගුණයක කාලයකි.
එවැනි තත්ත්වයක් යටතේ ප්‍රමාණවත් තුති කිරීමක් ද නොලබන ගෘහසේවය වෙනුවෙන් කාන්තාවන්ට වැටුපක් ගෙවිය යුතුද?
ලෝකයේ වෙනත් රටවල ජීවත්වෙන මිලියන 160ක් පමණ වූ සෙසු ගෘහණියෝ පිරිසිදු කිරීම,ගේදොර පිළිවෙලකට තබාගැනීම,ආහාර පිසීම, රෙදි සේදීම සහ පවුලේ මුදල් ආදායම කළමනාකරණය කරනු ලැබීම ආදී කාර්යභාරයක් ඉටුකරති. දරුවන් පමණක් නොව දරුමුනුබුරන් පෝෂණය කරනු ලැබීම සහ ඔවුන් ඇතිදැඩි කරනු ලැබීමට සහයවෙමින් බලාකියා ගැනීමත් එම ලැයිස්තුවට ඇතුළත් වෙයි.
කාන්තාව ආහාර මිලට ගැනීම සඳහා වෙළෙඳපොළට යායුතුව ඇත. ආහාර පිසීම සඳහා දර එක්රැස්කර ගැනීම කාන්තාවන්ට පැවරෙන තවත් දුෂ්කර කාර්යයකි. ඉහත සඳහන් කරන ලද ගෙදරදොර කාර්යයන් වෙනුවෙන් කාන්තාවක් දවසකට වැටුප් නොමැති මිනිත්තු 297ක කාලයක් වැය කරනු ලබන්නේ යයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. එය පැය පහකට ආසන්න කාලයකි.එහෙත් පුරුෂයකු එවැනි කාර්යයන් සඳහා වැයකරන කාලය මිනිත්තු 31ක් පමණි. පැය භාගයකි.
කාන්තාවන් ගත්විට ඔවුන් පස්දෙනකුගෙන් හතරදෙනෙක් ම නොගෙවන වැටුප් සඳහා ශ්‍රමය වැයකරන අතර පිරිමින්ගෙන් එවැනි කාර්යයන්හි නිරතවන්නේ හතරෙන් එකක් පමණි.
”වැටුප් නොගෙවමින් ශ්‍රමය ලබාගැනීම ”බලහත්කාරයෙන් ශ්‍රමය පැහැර ගැනීමක්” යයි නීතිය පිළිබඳ වියතකු වන ගෞතම් භාතියා පවසයි.
දිල්ලි සරසවියේ පර්යේෂණ අංශයේ බුද්ධිමතකු වන අරූපන් තුල්සියාන් සඳහන්කර තිබෙන්නේ මෙවැනි අදහසකි.
”නොගෙවූ ගෘහසේවයේ වටිනාකම හඳුනාගැනීම වැදගත් කාර්යයකි”
එහෙත් අඩ සියවසකට අධික කාලයක් බොහෝදෙනෙක් නොදන්නා කරුණක් ද ඇත. එනම්, වැටුප් නොලබා ශ්‍රමය කැපකරන ලද ගෘහණියන් සඳහා වන්දි ගෙවනලෙස ඉන්දියානු අධිකරණ නියෝගකරනු ලැබ තිබීමය.එහෙත් එම අයිතිය ලැබෙනවිට එම කාන්තාවන් මිය පරලොව ගොසිනි.
ප්‍රභා කොතිස්වරන් ලන්ඩනයේ කිංග්ස් සරසවි පීඨයේ නීතිය සහ යුක්තිය පිළිබඳ මහාචාර්යවරියකි. ඇය 1968 සහ 2021 අතර ඉන්දියානු නීතිය යටතේ පවරන ලද මහාමාර්ගයේ ප්‍රවාහන රථ අනතුරුවලට අදාළ නඩුකර දෙසීයක් පමණ අධීක්ෂණය කර ඇත.එම නඩුකර අවිධිමත් රථ ධාවනය සහ වෙනත් වැරදි මත දඩගැසීම් ආදියට අදාළ වෙති.
ගෘහසේවය සඳහා වැටුපක් සහතික කිරීම සඳහා පවතින නෛතික ආකෘතියෙහි කඩයිම් පසුකරමින් පෙරටයාම සඳහා ඉන්දියානු අධිකරණ ආයතන පියවරගෙන ඇති බව මහාචාර්ය කොතිශ්වරන් විසින් සොයාගනු ලැබ ඇත.
ඉන්දියානු විනිසකරුවන් මහාමාර්ග අනතුරුවලින් මරණයට පත් වැටුප් නොලද ගෘහණියන් සඳහා වටිනාකමක් දීමට පියවර ගෙන ඇති අතර, එම කාන්තාවන්ගෙන් පැවත එන්නන්ට වන්දිගෙවන ලෙසද නියෝග කර ඇත.
විනිසුරුවන්, ගෘහණියක සිදුකරන ගෙදරදොර කටයුතුවල වටිනාකම තක්සේරු කරන ලද්දේ ආවස්ථික පිරිවැය සලකා බලමිනි. එනම් ඇය වෙනත් කාර්යයක නිරතවීනම් උපයා ගැනීමට තිබුණු ආදායමයි. නිවසේ වැඩ කිරීමට කාන්තාවක් විසින් ගන්නා ලද තීරණය, පුහුණු සහ නුපුහුණු කම්කරුවන් ලබන අවම වැටුප ආදියත් සැලකිල්ලට ගනු ලැබුණි. එසේම කාන්තාව මියගිය කෙනෙක්නම්, ඇයගේ අධ්‍යාපන සුදුසුකම්ව මෙන්ම වයස ද එම කාන්තාවට දරුවන් වීද ? නැද්ද? යන කරුණු ද සැලකිල්ලට ගනු ලැබුණි.
ඉන්දීය අධිකරණයක් පසුගිය දෙසැම්බර් මාසයේ එවැනි කාන්තාවකට වන්දි ගෙවීමක් සිදුකරනු ලැබ තිබුණි. මහාමාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මරණයට පත් 33 හැවිරිදි ගෘහණියකට ඉන්දියානු රුපියල් මිලියන 1.7ක (ඩොලර් 23,263) වන්දියක් ගෙවන ලෙස එම අධිකරණය නියෝගකර තිබුණි. එම වන්දිය ප්‍රදානය කර තිබුණේ මසක වැටුප රුපියල් 5,000ක් ලෙස තක්සේරු කරමිනි.
වයස අවුරුදු 34-59 අතර වයසේ දී මරණයට පත් ගෘහණියකට සහ වයස අවුරුදු 62-72 අතර කාන්තාවන් සඳහා ජාතික ආදායමක් ලෙස එකවර මසකට රුපියල් 9,000 ක් තෙක් මුදල් ප්‍රදානය පිරිනමන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගකරනු ලැබ ඇත.
මරණයට පත් කාන්තාවන්ට ගෙවන වන්දි ප්‍රමාණයේ අඩුවක් වයස අනුව සිදුකෙරෙන අතර අධිකරණය එවැනි පියවරක් ගනු ලබන්නේ ළමුන් වැඩීමත් සමඟ එම කාන්තාවන් ළමුන් සම්බන්ධයෙන් වැයකරන කාලය අඩුවන්නේය යන නිගමනය අනුවය.
අධිකරණය නිතරම ප්‍රයත්න දරා තිබෙන්නේ පවතින උද්ධමනය අනුව වන්දි තීන්දු කිරීමටය.
එක් නඩු තීන්දුවක දී විනිසකරුවන් ”විවාහය සමාන ආර්ථික හවුල්කාරිත්වයක්” ලෙස අර්ථ විග්‍රහකර ඇත. එහිදී ගෘහණියගේ වැටුප ඇයගේ සැමියාගේ වැටුපෙන් අඩක් වනු ඇත.
ඉහත කී ආකාරයේ තක්සේරුවක් සම්බන්ධයෙන් මහාචාර්ය ප්‍රභා කෝතීශ්වරන් විසින් සොයාගන්නා ලද පැරණිම නඩු තීන්දුව 1966 දී ප්‍රකාශිත තීන්දුවකි. එම නඩුතීන්දුවේ දී විනිසුරු තීන්දුව වූයේ සැමියා විසින් බිරිඳ නඩත්තු කරනු ලැබීමට යන වියදම ඇයගේ ”වැටුපට” සමාන යයි උපකල්පනය කළහැකි බවය. ඒ අනුව එම පුරුෂයාට වන්දි ගෙවීමක් සිදු නොවුණි.
මහාචාර්ය කෝතීශ්වරන් පවසන ආකාරයට අධිකරණය විසින් නියමකරනු ලබන ඇතැම් වන්දි ගෙවීම් ඉතා සුළු ගෙවීම පමණක් වෙති.
”එහෙත් නොගෙවන ලද වැඩ කටයුතු සඳහා රැකියාවක වටිනාකම ලබාදීම වැදගත් කරුණක්” මහාචාර්යවරිය පවසයි.
මෙහිදී එක් ප්‍රශ්නයක් මතුකළ හැකිය. එනම්, කාන්තාවකගේ මෙහෙය වෙනුවෙන් ඇය මරණයට පත්වූ පසු ගෙවීමක් කළහැකි නම්, එම කාන්තාව ජීවත්ව සිටියදී වැටුපක් ගෙවිය නොහැකි මන්ද? යන ප්‍රශ්නයයි.
ව්‍යාකූල කාලවලට වඩා සාමාන්‍ය කාල වකවානුවල දී ගෘහණියන්ගේ වැටුප් නොලද සේවයට වටිනාකමක් දීම සඳහා පවුල් නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සාර්ථකව භාවිත කිරීමට නීතිවේදීන්ට ඉහතකී නඩු තීන්දු උපයෝගීකර ගැනීමට හැකියාවක් ලැබෙන ඉඩකඩක් ඇතැයි මහාචාර්ය කෝතීශ්වරන් පවසයි.
”ගෘහණියන්ගේ වැටුප් ගැන පමණක් මම තර්ක කරන්නේ නැහැ.මම තර්ක කරන්නේ ගෘහිණියන්ගේ ව්‍යාපාරයක පුළුල් පරාශයේ වැටුපක් ගැන.,එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය වැඩි අවධානයක් යොමු කරන්නේ වැටුප් නොගෙවීම වැටුප් සහිත වැඩකටයුතුවලට බාධාවක් වන්නේ කෙසේද යන්නගැනයි” මහාචාර්ය කෝතීශ්වරන් පවසන්නීය.
“වැඩි අවධානයක් යොමු වෙන ආකාරයක් පෙනෙන්නේ වැඩිපුර කාන්තාවන් වැටුප් සහිත රැකියාවලට බඳවාගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඉන්දියානු කාන්තා ව්‍යාපාරය අවධානය යොමු කරන්නේ බොහෝ ප්‍රශංසනීය දේවල් සම්බන්ධයෙන්. නමුත් විවාහය තුළ වැයකෙරෙන ශ්‍රමයට අදාළ වැදගත් මහා ප්‍රශ්නය ඇහෙන්නේ නැහැ”
නිවසේ වැටුප් විරහිතව සේවය කරන කාන්තාවන්ට වැටුප්ගෙවනු ලැබීම ඉන්දියාවේ අවතක්සේරු කෙරෙන කාන්තා ශ්‍රම සහභාගිත්වය නංවාලීමටත් ඉවහල්වනු ඇත.
ශ්‍රී ලංකාවේ තත්වය
ඉන්දියාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන ඉහත සඳහන් කරන ලද තොරතුරු තුන්වෙනි ලෝකයට අයත් බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල ගෘහණියන් මුහුණ දෙන ප්‍රශ්නයක පොදු චිත්‍රයයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය දෙස අවධානය යොමුකිරීම වැදගත් කරුණකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් කීපදෙනා අතර එක් මහජන නියෝජිතවරියක් වන ආචාර්ය හරිනි අමරසූරිය සිය පළමු පාර්ලිමේන්තු කතාවේ දී අවධානය යොමුකරන ලද්දේ ගෘහණියක ලෙස ශ්‍රී ලාංකික කාන්තාව මුහුණදී සිටින තත්ත්වය අනාවරණය කිරීමටය.
ඇය මෙසේ සඳහන් කළාය.
”සෑම කාන්තාවක් ම ගෙදර තුළ විශාල කාර්යභාරයක් ඉටුකරනවා. ආහාර සකස්කිරීම,දරුවන් රැකබලා ගැනීම සහ වැඩිහිටියන්-රෝගීන් බලාගැනීම වගේම විශේෂ අවශ්‍යතා ඇති අය බලාකියා ගැනීම කාන්තාවන් අතින් සිදුවෙනවා. වැටුපක් ලබන රැකියාවක නිරතව සිටියත් නැතත්, වැටුප් නොලබා ඉහත කී වැඩ කොටසත් සිදුකළ යුතුයි. එය කිරීම කාන්තාවන්ගේ උරුමය ලෙස සමාජය සලකනවා”
ඇතැම් කාන්තාවන් ඉහත කී කාර්යයන් රැකියාවක් ලෙස කළත් එය පිළිගැනීමෙන් අඩු, ඇගයීමක් නැති,නියාමනයක් නොමැති බොහෝවිට කම්කරු නීතියට යටත් නොවන මට්ටමේ රැකියාවක් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි.
මන්ත්‍රීවරිය පෙන්වාදෙන තවත් වැදගත් කරුණක් වන්නේ එවැනි කාර්යභාරයන් දළ ජාතික නිෂ්පාදනය තුළ ඉලක්කම් ලෙස නිරූපණය නොකෙරෙන බවය.
– bbc