(Update) කොවිඩ් එන්නත් දෙකක් ලගදීම දිවයිනට, එන්නත් භාරගන්න ජනපති අද කටුනායකට

කොවිඩ් එන්නත් දෙකක් ලගදීම දිවයිනට, එන්නත් භාරගන්න ජනපති අද කටුනායකට

කොවිඩ් එන්නත් දෙකක් ලගදීම දිවයිනට, එන්නත් භාරගන්න ජනපති අද කටුනායකට

කොවිඩ් එන්නත් දෙකක් ලගදීම දිවයිනට, එන්නත් භාරගන්න ජනපති අද කටුනායකටචීනය සහ රුසියාව මේ වන විට නිෂ්පාදනය කර අත්හදාබැලීම් තත්වයේ පවතින එන්නත් සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දීමෙන් පසුව එම එන්නත් මෙරටට ප්‍රදානයක් ලෙස ලැබීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සකසා ඇති බව ලලිත් වීරතුංග සඳහන් කරයි.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා මිලියන 2 ක් පමණ මිලදී ගැනීමට අවශ්‍ය කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු පවසයි.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින්
“චීන රජයත් ලක්ෂ 3ක් සයිනොෆාම් කියන ඒ එන්නත ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒකත් ප්‍රදානයක්. එය ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඉදිරි දිනවල සාකච්ඡා කරනවා. එයත් ජනාධිපතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට කරන ලද ප්‍රතිචාරයක්. ඒ වගේම රුසියාවේ ගැමේලියා ආයතනය නිපදවන ස්පුට්නික් කියන ඒ එන්නතත් පිළිබඳව ජනාධිපතිතුමන් විසින් පුටින් ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි දින කිහිපය තුළ අපිට ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.

ජාතික ඖෂධ සංස්ථාව මේ සීරම් ආයතනයට, මං හිතන්නේ ඉදිරි දින දෙක ඇතුළත ඒ උවමනා කරන මිලියන 2ක්, එහෙම නැත්නම් මිලියන 3ක් එන්නත් ප්‍රමාණයකට එන්නත් ඇණවුමක් ඉස්සෙල්ලම අපි යවන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ එන්නත් පිළිබඳව විශාල තරඟයක් තියෙනවා ලෝකේ.

අනික් එක මේ එන්නත විශාල වශයෙන් ගෙනල්ලා මෙහේ ගබඩා කරගෙන තේරුමක් නැහැ. මොකද මේවායේ ආයු කාලය මාස 6ක පමණ කාලයක් තියෙන්නේ. අපි ලෑස්තිවෙලා ඉන්න ඕනේ ගේන එන්නත හැකි ඉක්මනින්ම ජනතාවට ලබා දෙන්න. ඉතින් මේක ඒ නිසා බොහොම කල්පනාවෙන් කළ යුතු විශාල මෙහෙයුමක්.” යනුවෙන් පැවසුවා.

මේ අතර, චීන රජයෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රදානයක් ලෙස ලබාදෙන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. චීනයෙන් එලෙස ලබාදීමට නියමිතව ඇත්තේ සයිනොෆාම් (Sinopharm) එන්නතය. ඒ අනුව, පෙබරවාරි මස මැද භාගය වනවිට එම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකා රජයට භාරදීමට හැකිවනු ඇති බව ද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වුණේ දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍රත්වය සළකා මෙම එන්නත් තොගය ලබා දෙන බවත් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අවශ්‍ය අනුමැතිය හිමිවීමෙන් පසුව කඩිනමින් එම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලබාදීමට ඔවුන් සැලසුම් කර තිබෙන බව ද සඳහන් කරයි.

සිනෝෆාම් එන්නත මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සර්බියාව, ඊජිප්තුව, බහරේනය, ජෝර්දානය, ඉරාකය සහ පකිස්ථානය ඇතුලු රටවල් රැසක භාවිත කෙරෙමින් පවතිනවා.
ලොව පුරා මිලියන 20කට අධික ජනතාවකට මෙම එන්නත ලබා දී ඇති අතර කිසිදු බරපතළ අහිතකර තත්ත්වයක් එම එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් වාර්තා වී නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ. සීෂෙල්ස්හි ජනාධිපතිවරයා, බහරේනයේ අගමැතිවරයා, ජෝර්දානයේ අගමැතිවරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වැනි විදේශ රටවල නායකයන් ද මේ වන විට Sinopharm එන්නත ලබා ගෙන ඇත.

කොවිඩ් එන්නත් භාරගන්න ජනපති අද කටුනායකට

මේ අතර ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණා.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායිහි “සීරම් ” ආයතනය විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරණ ගුවන් යානය අද පෙ.ව 11.45 ට කටුනායක ගුවන්තොටුපොළට ළඟාවුණා. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩා කර රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1,323 ක්.

එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ක් ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කරනු ලබනවා.

කොවිඩ් එන්නත් දෙකක් ලගදීම දිවයිනට, එන්නත් භාරගන්න ජනපති අද කටුනායකට

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *