අවසන් කළ බව කියූ පාස්කු කොමිසමට ශානිව කැඳවයි; ප්‍රකාශ ගන්න රෝහලට

0
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

පසු ගිය දා සාක්ෂි විමසීම අවසන් කළ බව කියූ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කැඳවා තිබේ. එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා සඳහන් කළේ, ශානි අබේසේකර මහතා එළඹෙන සතියේ සඳුදා (25) සහ අඟහරුවාදා (26) දිනයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත බව ය.

ඒ අනුව රෝහලේදී මෙම ප්‍රකාශය ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශානි අබේසේකර මහතා මේ වනවිට අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කොට ඇත.

කොමිෂන් සභාව හමුවට කැඳවීමට නියමිත ප්‍රධාන පෙළේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුගේ සාක්ෂි විමසීමකින් තොරව, පාස්කු කොමිසම සාක්ෂි විමසීම පසුගිය 19 වන දා අවසන් කළේ ය.

ඔවුන් අතර පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන, ජනවාරි 8 වන දින ඇමෙරිකානු අධිකරණයක් මගින් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට අදාළව අධිචෝදනා ගොනු කරනු ලැබූ මොහොමඩ් නව්ෆර් නොහොත් නව්ෆර් මව්ලවි, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන අය කොමිසමට කැඳවා නොතිබිණි.

එමෙන් ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට වත්තල පිහිටි සිය නිවස කුලී පදනම මත ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරිය ද කොමිසම හමුවේ සාක්ෂි කැඳවා නොතිබිණි.

මේ අතර, කොමිෂන් සභාවේ අවසාන වාර්තාව ජනවාරි 31 වන දා ට පෙර ජනාධිපතිවරයාට භාර දීමට නියමිත බව කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු පසුගිය දා පැවසුවේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *