“මම මරණයට බය නෑ මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ” – මැල්කම් රංජිත් කාදිනල්

"මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යනවා; CID පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් වන්නේ නෑ" – කාදිනල් මැල්කම් රන්ජිත්
මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැකගැනීම සඳහා මූලික වි ක්‍රියාකරන පරිසර සංවිධාන සමග එක්වී එම විනාශයට එරෙහිව හඬ නැගූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.
පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයේදී වාර්ෂික මංගල්‍යයට එක්වෙමින් (20) එම ප්‍රකාශය කර තිබේ.‘මම මරණයට බය නෑ මාව නිහඩ කරන්න කිසිම බලවේගයකට බැහැ. මගේ ජීවිතය නැතිව ගියත් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා.“ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ.