“මේක අමූලික බොරුවක්”- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

පොලිසියට නීතිඥයන් 150 දෙනෙකු බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී (19) බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප‍්‍රශ්නයක් නැගූ අවස්ථාවේදී එයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි ප‍්‍රකාශකර තිබේ.

එහිදී අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ. ”මේක අමූලික බොරුවක්. අඩුතරමින් මම ඒ ගැන යෝජනාවක්වත් කරලා නැහැ. මේ බඳවා ගැනීම් සඳහා සම්බන්ධ වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ. සම්බන්ධ වෙන්නෙත් නැහැ. ඒ වගේම එහෙම කරන්න මට බලයකුත් නැහැ. බඳවා ගැනීම් සිදුවිය යුත්තේ පොලිසිය හෝ ඒ අමාත්‍යාංශය හරහායි.” යනුවෙනි.

ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමතිවරයාට ලිපියක් යොමුකරමින් විකල්ප යෝජනා මාලාවක්ද ඉදිරිපත් කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *