දළදා මාලිගා පරිශ්‍ර පොලීසියේ 21කට කොවිඩ් – 200ක් නිරෝධායනයට

ශ්‍රී දළදා මාලිගාවේ දේපළ සම්බන්ධයෙන් පෙත්සමක්
දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කරඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් 21 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු පමණ වන සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.
එම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් නිලධාරීන් 180 දෙනෙකු අනුයුක්ත කරඇති බව ද සුදත් මාසිංහ මහතා පවසයි.