GMOA සභාපති සම්බන්ධ අසත්‍ය පුවත් පළකල මාධ්‍ය ආයතන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානියා කවුද?

GMOA සභාපති සම්බන්ධ අසත්‍ය පුවත් පළකල මාධ්‍ය ආයතන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානියා කවුද?

GMOA සභාපති සම්බන්ධ අසත්‍ය පුවත් පළකල මාධ්‍ය ආයතන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානියා කවුද?

තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය නිරෝධායනයට යොමුනොවී සැඟවී සිටින බව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ සඳහා නීතිඥයන් සමග ඉදිරි දිනවලදී සාකච්ඡා කරන බව සංගමය කියා සිටී.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ පැවති සාදයකට සහභාගි වූ වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු වූ පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ උපදෙස් අනුව පාදෙණිය මහතා නිරෝධායනයට යොමු කිරීමට සොයද්දී ඔහු නිවසේ නැති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම සහ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරාවරණය කිරීම තම සභාපතිවරයාට සිදු කළ අපහාසයක් බව GMOA කියා සිටී.

තම සංගමය මත්ද්‍රව්‍යවලට එරෙහිව කටයුතු කරන නිසා මෙම ප්‍රවෘත්තිය පළකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් බව එම සංගමය අවධාරණය කරයි.

පාදෙණිය සම්බන්ධව මේ පුවත මුලින්ම රටට අනාවරණය කළේ “දෙරණ” පුවත්පත විසිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *