චීන මිලිටරියට එරෙහි ඇමරිකාවේ සැලැස්මේ ලංකාවට ප්‍රමුඛස්ථානයක් – ඇමරිකානු වාර්තාවක්
 
                චීන මිලිටරි හැකියාවන්ට එරෙහි සැලැස්මේ ඇමරිකාවෙන් ලංකාවට ප්‍රමුඛස්ථානයක් – ඇමරිකානු වාර්තාවක්
ඉන්දු – පැසිෆික් කලාපයේ ඇමරිකානු උපායමාර්ගික සැලැස්මේ ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් දී ඇතැයි වාර්තා වේ.
ධවල මන්දිරය විසින් නිකුත් කර ඇති මෙම වාර්තාවේ මූලික වශයෙන් අවධානය යොමුකර ඇත්තේ ඉන්දු – පැසිෆික් කලාපයේ චීන මැදිහත්වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ උපායමාර්ගික සැලැස්ම පිළිබඳවයි. කලාපයේ චීන වෙළඳපොළ ව්‍යාප්තිය මගින් ඇමරිකානු ව්‍යාපාරවලට ඇති කරන තරඟකාරි බලපෑම යටපත් කිරීම මෙම උපායමාර්ගික සැලැස්මේ මූලික අරමුණක් ලෙස සඳහන් කර ඇත.
එමෙන්ම ප්‍රසාරණය වෙමින් පවතින චීන මිලිටරි හැකියාවන්ට එරෙහිව ඉන්දු – පැසිෆික් කලාපයේ මිත්‍ර පාර්ශ්වික සන්ධානයක් ගොඩනැංවිමද මෙම සැලැස්මේ ප්‍රධාන කරුණක් ලෙස සටහන් කර ඇත.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        