දැඩි රථ වාහන තදබදයට විසඳුම්ක් ලෙස ‘Park & Ride City Bus’ ජනාධිපතිගෙන්

දැඩි රථ වාහන තදබදයට විසඳුම්ක් ලෙස ‘Park & Ride City Bus’ ජනාධිපතිගෙන්

දැඩි රථ වාහන තදබදයට විසඳුම්ක් ලෙස ‘Park & Ride City Bus’ ජනාධිපතිගෙන්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් “ නියමු වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (15) පෙරවරුවේ ආරම්භ විය.

දැනට හයිලෙවල් මාර්ගය ඔස්සේ පමණක් දියත් වන මෙම බස් රථ සේවාව ඉදිරියේදී සෙසු ප්‍රධාන මාර්ගවලටද ව්‍යාප්ත කිරීමට නියමිතය.

සතියේ දිනවල උදෑසන සහ පස්වරුවේ කාර්යාල වේලාවන්වලදී කොළඹ නගරය සහ ඒ අවට මාර්ගවල පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුම් සෙවීම සඳහා මංතීරු නීතිය, බස් ප්‍රමුඛතා මංතීරුව ආදී විවිධ ව්‍යාපෘතීන් දියත් කළත් පොලීසිය ඇතුළු රථවාහන බලධාරීන්ගේ අදහස වී තිබුණේ තනි තනිව කොළඹ නගරයට ඇතුලුවන පෞද්ගලික රථවාහන සීමා කළයුතු බවය.

ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් ” නමින් නව බස්රථ සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කෙරුණි.

මෙම ව්‍යාපෘතිය යටතේ සිය පුද්ගලික රථයෙන් කොළඹ නගරයට පැමිණි ජනතාවට මින් ඉදිරියට ලංගම මගින් හඳුන්වාදෙන නව රථගාල්වල රථය නවතා අධි සුඛෝපභෝගී බස් රථයකින් සිය ගමනාන්තයට යෑමට අවස්ථාව උදාවේ.

මෙහිදී ”සිටිබස්” සේවාවේ ජංගම දුරකථන යෙදවුමද නිල වශයෙන් අන්තර්ජාලයට එක් කෙරුණි.

එම යෙදවුම, ජංගම දුරකථනයට බාගත කිරීමෙන් පසු GPS තාක්ෂණයෙන් බස්රථ ඇති ස්ථාන, බසය තුළ සිටින මගීන් ගණන ඇතුලු කරුණු රැසක් දැනගැනීමට මගීන්ට අවස්ථාව උදාවේ.

දැනට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ඇරඹෙන මෙම බස්රථ සේවාව ගමන් මාර්ග දෙකක් ඔස්සේ සිදුකෙරේ.

ඉන් එක් මාර්ගයක් වන්නේ කොට්ටාවේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ පිටකොටුව හරහා ටෙක්නිකල් හංදිය, රාජගිරිය, පැලවත්තට පැමිණ පන්නිපිටියෙන් හැරී මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට පිවිසීමය.

අනෙක් මාර්ගය වන්නේ කොට්ටාවේ සිට හයිලෙවල් මාර්ගය හරහා නුගේගොඩට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට, ජාවත්ත, ටොරින්ටන්, පුරහල, යුනියන් පෙදෙසින් ලෝටස් වටරවුමට පැමිණ ඉන් ගාලුමුවදොර වෙත පිවිසීමය.

ගාලුමුවදොරින් එම බස්රථය නැවතත් කොල්ලුපිටිය, තුම්මුල්ල හංදිය ඔස්සේ හයිලෙවල් මාර්ගයට පිවිස එම මාර්ගය ඔස්සේ කොට්ටාවට පිවිසෙනු ඇත.

වයිෆයි පහසුකම්ද සමගින් ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ”සිටිබස්” සේවාවේදී ගමන් ගාස්තුව සාමාන්‍ය බස්රථ ගාස්තුව මෙන් දෙගුණයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *