ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 50,000 ඉක්මවයි

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක්
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ප්‍රමාණය ජනවාරි 13 වන පස්වරු 8.15 වන විට 50,229ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. දිනය තුළ මෙතෙක් ආසාදිතයින් 687 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 685 දෙනෙකු පෑළියගොඩ පොකුරට ද, දෙදෙනෙකු බන්ධනාගාර පොකුරට ද අයත් වේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 92%කට වැඩි ප්‍රමාණයක් වූ ආසාදිතයින් 46,457ක් වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් – පෑළියගොඩ පොකුරටයි.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6718ක් වේ. සුවය ලැබූ ආසාදිතයින් ගණන 43,267කි. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 244ක් වේ.