සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජන කෝටි 1000කින් ඉහලට

0
කොටස් වෙළඳපොළින් ඉතිහාස ගත වාර්තාවක්

කොටස් වෙළඳපොළින් ඉතිහාස ගත වාර්තාවක්

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල කර තිබෙන ආයෝජනයන්හි වෙළෙඳපොළ වටිනාකම 2020 තෙවැනි කාර්තුව තුළදී රුපියල් කෝටි 1,000කින් ඉහළ ගොස් තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් කොටස් 81ක කර තිබෙන ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම 2020 සැප්තැම්බර් 30 දින වන විට රුපියල් බිලියන 63.76ක් ලෙසින් වාර්තා වන අතර මේ අගය 2020 ජූනි 30 දින වන විට බිලියන 53.58ක් ලෙස දැක්විණි. මේ අනුව 2020 වර්ෂයේ තෙවැනි කාර්තුව අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොටස් වෙළෙඳපොළේ කර තිබෙන ආයෝජනවල සමස්ත වෙළෙඳපොළ වටිනාකම දෙවැනි කාර්තුව අවසානයේදී සටහන් වූ අගයට සාපේක්ෂව රුපියල් බිලියන 10.14 කින් වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත් මේ සමාගම් කොටස් 81 තුළ අරමුදල විසින් ආයෝජනය කර තිබෙන මුළු මුදල රුපියල් බිලියන 84.19කි. ඒ අනුව 2020 සැප්තැම්බර් 30 දිනට සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම්වල කර තිබෙන ආයෝජනයන් හි උපලබ්ධි නොවූ අලාභය රුපියල් බිලියන 20.64ක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com