ධම්මික බණ්ඩාරගේ පැණිය හා සුවධරණී ඖෂධ සඳහා ආණ්ඩුව ලබාදෙන ප‍්‍රචාරය ආයුර්වේද ක්‍ෂ්ත‍්‍රය සඳහා ලබා දී නෑ – ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය

ධම්මික බණ්ඩාරගේ පැණිය හා සුවධරණී ඖෂධ සඳහා ආණ්ඩුව ලබාදෙන ප‍්‍රචාරය ආයුර්වේද ක්‍ෂ්ත‍්‍රය සඳහා ලබා දී නෑ - සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය
තවමත් කොරෝනා මර්දනය සඳහා ආයුර්වේද ක්ෂේත්‍රය යොදා ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නැති බවත් අඩුම තරමේ ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්වත් මේ සඳහා යොදා ගෙන නැති බවත් සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ සංවිධායක ලේකම් වෛද්‍ය පී.ඩී.එන්.එස්.ජේ බණ්ඩාර පවසයි.
වෛද්‍යවරයා මේ බව පැවසූවේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
ධම්මික බණ්ඩාරගේ පැණිය හා සුවධරණී ඖෂධ සඳහා ආණ්ඩුව ලබාදෙන ප‍්‍රචාරය ආයුර්වේද ක්‍ෂ්ත‍්‍රය සඳහා ලබා දී නැති බවත් වර්තමානයේ ආණ්ඩුව සිදු කරන්නේ ජනතාව නොමග යවමින් විවිධ මිත්‍යාවන් ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක් පමණක් බවත් ඔහු මෙහිදී පැවසීය. කෙසේ නමුත් ආණ්ඩුව සිදු කළ යුත්තේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් හරහා ආයුර්වේද ක්ෂේත‍්‍රයෙන් කොරෝනා සඳහා පර්යේෂණ සිදු කිරීම බවද මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍ය බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.