පාරේ නවත්වන වාහන උස්සන කල්ලිය මාට්ටු
මහියංගත රිදීමාලියද්ද ,බිබිල යන ප්‍රදේශවලට මාහාමාර්ගය දෙපස නිවෙස් ඉදිපිට හා වාහන අලුත්වැඩියා කරන ස්ථානවල නවතා තබන යතුරුපැදී සහ වාහන අමතර කොටස් සොරකම් කරන තිදෙනකු (22) අලුයම අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
ටයර් අලුත්වැඩියා කරන ස්ථානයකදී බස් රථයක රිම් එකක් සොරකම් කරන අවස්ථාවේදී එහි හිමිකරු දැක රිදීමාලියද්ද පොලිසියට දුරකථන ඇමතුමක් දී ඇත. පසුව අයතනයේ හිමිකරු සහ ප්‍රදේශවාසීන් එක්ව වහනය පිටුපස ලුහුබැඳ ඇති අතර මීගහකිවුල පොලිස් මාර්ග බාධකයේදී මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 42සහ 45 යන වයස්වල පසුවන අතර ඔවුන් මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් විසින් බිබිල හා රිදීමාලියද්ද යන ප්‍රදේශවලදී සොරාගන්නා ලද. රුපියල් 45000ක් පමණ වටිනා යතුරුපැදියක්, රුපියල් 18000ක් පමණ වටිනා බස් රථවල ටයර් සඳහා යොදාගන්නා රිම් 4ක් සහ අබලි ද්‍රව්‍ය ලොරිරථයේ තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ (23) මහියංගණ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.
– විමුක්ති සංජය