දකුණු අත්ලාන්තික් සාගරයෙන් දැවැන්තම අයිස් පර්වතයක් කැබැලිවලට බිඳෙමින් පවතියි

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වී තිබෙන සුවිශාල අයිස් පර්වතයක් කැබැලිවලට බිඳෙමින් පවතින බව අනාවරණ

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වී තිබෙන සුවිශාල අයිස් පර්වතයක් කැබැලිවලට බිඳෙමින් පවතින බව අනාවරණ

ඒ-68-ඒ ලෙස හඳුන්වන මේ අති දැවැන්ත අයිස් පර්වතය ඇන්ටාක්ටිකාවෙන් බිඳී වෙන් වූයේ 2017 වසරේ දීය. එය සවුත් ජෝර්ජ්යා වෙරළ සමීපයේ පාවෙමින් පවතිනවා. එය නොගැඹුරු මුහුදේ මුහුදු පතුලේ නතර වේ දැයි විද්‍යාඥයෝ විමසිලිමත්ව සිටින අතර මෙම අයිස් පර්වතයේ කැබැලි නිසා බ්‍රිතාන්‍ය මුහුදු ප්‍රදේශයේ ජීවත් වන සීල් මත්ස්‍යයන්ට සහ පෙන්ගුවින් කුරුල්ලන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.

(21 සහ 22 දිනවල) ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව මේ අයිස් පර්වතය බිඳී යමින් පවතින බව පැහැදිලිවම දර්ශනය වේ යැයි එක්සත් රාජධානියේ ස්වෝන්සී විශ්වවිද්‍යාලයේ ඒඩ්‍රියන් ලක්මන් පවසනවා.

එය මෙතෙක් බිහි වූ දැවැන්තම අයිස් පර්වතයක් ද වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *