සරත් වීරසේකරට වැටහීමක් නෑ, අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ව්‍යවස්ථා විරෝධීයි – ඇමති සුසිල්

අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නේ යැයි කියූ කතාව ව්‍යවස්ථා විරෝධීයි, සරත් වීරසේකරගේ වැටහීමක් නැති කතා - ඇමති සුසිල්

අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නේ යැයි කියූ කතාව ව්‍යවස්ථා විරෝධීයි, සරත් වීරසේකරගේ වැටහීමක් නැති කතා - ඇමති සුසිල්

අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ පිංතූර මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්නේ යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව අපරාධ නඩු ගණනාවකට පෙනී සිටි නීතිඥයකු ලෙස තමන් එකහෙලාම පවසන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

ඕනෑම අපරාධයක සැකකරුවෙක් අවසාන අධිකරණයෙන් වැරදිකරු යයි නිගමනය කරන තෙක් නිවැරදිකරු ලෙස පූර්ව නිගමනයක් ඇති බවත් එම පූර්ව නිගමනය මත ඕනෑම අපරාධ නඩුවක් අධිකරණයක විභාග කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සැකකරුවන් වැරදි කරුවන් ලෙස හංවඩු ගසමින් නඩුව පටන් ගතහොත් නඩුව අහන්න දෙයක් නැති බවත් දඬුවම් දෙන්න පමණක් ඉතිරිව ඇති බවත් ඔහු පවසයි.

එනිසා සරත් වීරසේකර මහතාට ඒ සම්බන්ධයෙන් එතරම් වැටහීමක් නැති වන්නට ඇතැයි තමන් සිතන බවද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමක දී ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *