ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 02ක්

0
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 02ක්

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 02ක්

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් 19- මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය (European Union) විසින් යුරෝ මිලියන 02 ක (රු.මිලියන 457) ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දෙන ලදී.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චව්බි (Denis Chaibi) මහතා විසින් මෙම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දුන් අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන බැවින් හදිසි අවස්ථාවන්හිදී රෝහල් වල ඇතිවන අවශ්‍යතාවයන් සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් ඇතුළු කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙම අරමුදල් පරිහරණය කරන ලෙසට ඩෙනිස් චව්බි මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

යුරෝපා සංගමය විසින් අප රට වෙත නිරතුරුව ලබා දෙන සහය පිළිබදව ශ්‍රී ලංකා රජයේ කෘතවේදීත්වය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් යුරෝපා සංගමය වෙත පළ කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com